Spread the News

ඕනෑ කර තිබේ…

මිය යාමට මරණ මඤ්චකයේ සිටින  කෙනෙකු, ප්‍රේත  භවයේ  උපදීම  වළක්වන, මන්ත්‍රයක් හෝ දැහැනක් හෝ දේවාල බලයක් හෝ දෙවොල් වරං බලයකින් කරන කටයුත්තක් හෝ අංජනම් කටයුත්තක්  හෝ~~~

මිය යාමට මරණ මඤ්චකයේ සිටින කෙනෙකු  තිරිසන් භවයේ   උපදීම  වළක්වන, මන්ත්‍රයක් හෝ දැහැනක් හෝ දේවාල බලයක් හෝ දෙවොල් වරං බලයකින් කරන කටයුත්තක් හෝ අංජනම් කටයුත්තක්  හෝ~~~


මිය යාමට මරණ මඤ්චකයේ සිටින කෙනෙකු අසුර අපායේ  උපදීම  වළක්වන, මන්ත්‍රයක් හෝ දැහැනක් හෝ දේවාල බලයක් හෝ දෙවොල් වරං බලයකින් කරන කටයුත්තක් හෝ අන්ජනමක් හෝ අංජනම් කටයුත්තක් හෝ~~~


මිය යාමට මරණ මඤ්චකයේ සිටින කෙනෙකු මහා නරකයේ, අපාය භවයේ   උපදීම  වළක්වන, මන්ත්‍රයක් හෝ දැහැනක් හෝ දෙවාල බලයක් හෝ දෙවොල් වරං බලයකින් කරන කටයුත්තක් හෝ අංජනම් කටයුත්තක් හෝ~~~

තිබේ නම් එම බලයෙන් මරණයට පත් වීමට ප්‍රථම, එම තම මෑණියන්, තම පියාණන්, හදිසියේ වියෝවන දූ දරුවන්, තම සහලේ ඥාතීන්, තම ඥාති-හිත මිත්‍රයන්, අසල්වැසියන්, නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපා භවයක ඉපදීම වළකා දිව්‍ය භවයකට, හෝ මනුෂ්‍ය භවයකට පත් කර දීමේ හැකියාවක් ඇති දේවාල කපු, පූසාරී භවතුන් හෝ නානාප්‍රකාර දෙවොල්, හා දේවාල වරං ඇති භවතුන් හෝ  යන්ත්‍ර මන්ත්‍ර, තොවිල් වැඩ කරන කට්ටඩි භවතුන් හෝ තොවිල් ඇදුරන් හෝ සෙත් කවි ලියන, කියන සෙත් කවි රචකයන් හෝ ඕනෑ කර තිබේ.

එක ම කාර්ය, තම ශක්තියෙන් ක්‍රියා කොට මරණයට පත් වීමට සිටින තැනැත්තා ජීවත්ව සිටිය දී කුමන ආකාරයෙන් ජීවත් වුවත්, ඉහතින් කියන  ලද එම අය,  දිව්‍ය හෝ මනුෂ්‍ය යන සුගති භවයකින් එකක  ඉපදවීම ය.

ඒ සඳහා අය කරන සේවා ගාස්තු( පඬුරු ) පිළිබඳව  කතා කර ගත හැක.

ආරියතිලක
2026.03.19

Protected by Security by CleanTalk