ටිල්වින් සිල්වා රාජ්‍යයේ රාජ්‍යත්‍රාන්ත්‍රික බව කෙලෙසයි!
ආරියතිලක
2026.04.05
“ගල් අගුරුවලින් අවශ්‍ය විදුලිය ලැබෙන්නෑ.. විදුලිය නොකපා ඉන්න උපරිම උත්සාහ කරනවා..-
බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් බලාගාරවලින් බලාපොරොත්තු වූ ප්‍රමාණයට විදුලිය නිපදවීමට නොහැකි වී ඇති බවත්, එම අඩුව පිරවීමට වැඩිපුර ඩීසල් දහනය කිරීම හේතුවෙන් විදුලි බිල ඉහළ ගොස් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
වවුනියාවේ පැවති 53 වන අප්‍රේල් විරු සමරු උත්සවය අමතමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.”
ඉහතින් දැක්වූයේ lanka c news වෙබ් පිටුවේ පළ වූ පුවතින් උපුටා ගත් කොටසක් වේ. මේ පිළිබඳ අපගේ අදහස මෙසේ ය.
මෙවැනි ප්‍රකාශ කරන්න ජනතා විමුක්ති පෙරමුණ ලේකම් ටිල්වින් සිල්වාට කිසිදු අයිතියක් නැත. රාජය පාලනය සම්බන්ධ ආණ්ඩුවේ මතය හෝ ඒ පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමට මොහුට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැත. මොහුගේ මෙම ප්‍රකාශ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයයේ බලයට කරන නින්දාවකි. හෑල්ලුවකි.
මෙවැනි වගකීම් විරහිත අපත ප්‍රකාශ සම්බන්ධව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව රටේ ජනතාවට වගකිව යුතු ය. රාජය පාලනයට සම්බන්ධ නැති පුද්ගලයෙක් ආණ්ඩුවේ තීන්දු තීරණ ගැන කතා කිරීම රාජ්‍යයේ ත්‍රාන්ත්‍රික බව කෙසෙසීමක් වනවා මෙන් ම ශ්‍රී ලංකා රාජ්‍යට කරන ලද අපහාසයක් වේ. මෙම අශික්ෂිත ප්‍රකාශ අලුයම බැහැර කරන කෙළ පිඩක් සේ බැහැර කිරීම සියලු පුරවැසියන්ගේ පරමාධිපත්‍යයේ වගකීම ය.
ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන දේශපාන ධාරාව වන ජවිපෙ හා ජනාධිපතිවරයා නායකත්වය ද දරණ ජවිපෙ පක්ෂයේ ලේකම්වරයා වූ පමණින් රාජ්‍යයේ ගෞරවය කෙලෙසීමට ටිල්වින් සිල්වාට කිසිදු ලෙසකින් හිමිකමක් නැත්තේ ය.
