වළලනවාද? – පුච්චනවාද?…… පුච්චනවාද? – වළලනවාද?

Spread the News

musssමේ වෙලාවේදී මේ රටේ තිබෙන ජාතික ප‍්‍රශ්නය කොරෝනාව නොවේ; කොරෝනාව වැළඳී මියයන ඉස්ලාමීය ජනයාගේ සිරුරු වළලනවාද නැත්නම් පුච්චනවාද යන කාරණය ය.

කොරෝනාව ලංකාවට නිල වශයෙන් බෝවන්නේ ගිය අවුරුද්දේ මාර්තු 11 වැනිදාය. ලංකාවේ පළමුවන කොරෝනා රෝගියා එදා හමුවිය. එතැන් පටන් කොරෝනා මරණ වාර්තා වීමට පටන් ගත් අතර එසේ මියයන සියලූම දෙනාගේ මළ සිරුරු ආදාහනය කරන ලදී. එහෙත් සති ස්වල්පයක ඇවෑමෙන් ඉස්ලාමීය දේශපාලන හිතවතුන් කිහිපදෙනෙක් මතයක් ඉදිරිපත් කළහ. එනම්, ඉස්ලාමීයයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම ඉස්ලාම් ආගමට විරුද්ධ බවත්, භූමදානය නොකරන ඉස්ලාමීයයන් දෙව්ලොවට නො යන බවත්ය. මෙහිදී ආගම ධර්මය වැනි ශාස්ත‍්‍රීය විෂයයන් ගැන ගැඹුරු දැනුමක් නැති සාමාන්‍ය ජනයා තුළ ප‍්‍රශ්නයක් මතුවිය. ඒ මෙසේය; පාස්කු බෝම්බය පුපුරුවා ගත් සහරාන්ගේ සිරුර ද පිළිස්සිනි. එක්කෝ ඔහු මැරී පිළිස්සිනි. නැත්නම් පිළිස්සී මැරිණ. ඉස්ලාමීය අන්තවාදයේ අදහසට අනුව ආගම වෙනුවෙන් මැරෙන ඉස්ලාමීයයකු කෙලින්ම දෙව්ලොව යන අතර එහිදී ඔහුගේ දෛනික පරිහරනය සඳහා කන්‍යාවන් 70 ක් හෝ ආසන්න ගණනක් ලැබේ. එසේ නම් බෝම්බය පිපිරීමේදී සිරුර පිළිස්සීම නිසා සහරාන්ට එම දීමනාව ලැබුණේ නැද්ද? ඒ අනුව අද ඔහු දෙව්ලොව පාරක් පාරක් ගානේ ඇවිදිමින් ඉතාම වියළි ලිංගික ජීවිතයක් ගත කරන්නේද?

ඒ ප‍්‍රශ්නය පැත්තකින් තබමු. කතාවේ ඉතිරි ටිකට ප‍්‍රවේශ වෙමු. කොරෝනා මෘත දේහ ආදාහනය කිරීමට විරුද්ධව ඉස්ලාමීය සහෝදරවරුන් කිහිපදෙනෙක් කතා කළ ද වැඬේ දුරදිග ගියේ නැත. මේ අතර සජිත් පේ‍්‍රමදාසගේ පක්‍ෂයට සෙට් වී ඔහුගේ පරාජයට ද දායක වී එතැනින් ද නොනැවතී සජිත්ගේ ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් බලාපොරොත්තුවී එය ද නොලැබී වැලේ වැල් නැතිව ආත භූත වී සිටින අසාද් සාලි නමැති මහතෙක් ඉස්ලාමීය මළ සිරුරු ආදාහනයට විරුද්ධ ව්‍යාපාරයක් පටන් ගත්තේය. අසාද් සාලි යනු කාලයෙන් කාලයට සිංහල දේශපාලන නායකයන්ගේ තුරුලේ ගැවසෙන චරිතයකි. ඔහු වතාවක්
සිටියේ මහින්ද රාජපක්‍ෂ සමඟය. ඊට පෙර යූඑන්පිය සමඟය. යහපාලන කාලයේදී ඔහු මෛත‍්‍රීට හේත්තු විය. ජනාධිපතිවරණයේදී සහ මහ ඡන්දයේදී සජිත් ජයග‍්‍රහණය කරනු ඇතැයි සිතූ ඔහු, ඔහුට සෙට් විය. එහෙත් කොච්චර කට්ටිය ගෝඨාභයට සෙට් වුණත් අසාද් සාලිට එය නොහැකි විය. එතැන් පටන් ඔහුගේ ක‍්‍රියාකලාපය මෙසේය.

1. වත්මන් රජය සුළු ජාතීන්ගේ සිත රිදවීම සඳහා මුස්ලිම් මෘතදේහ ආදාහනය කරන බැවින්, ජාත්‍යන්තරය එයට මැදිහත් විය යුතු බව ඔහු CNN රූපවාහිනිය හරහා ජාත්‍යන්තරයට කීවේය.

2. භූමදානයට අවසර නොදෙන කොරෝනා වැළඳුන ඉස්ලාමීය මෘතදේහ ඥාතීන් විසින් භාර නොගැනීමට තීරණය කර ඇතැයි ද, ඔහු කීවේය. එම මළ සිරුරු වළලන්න දෙන්නේ නැතිනම් තියාගෙන කන්නැයි ද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ මේ ප‍්‍රකාශයට සති කිහිපයකට පෙර කොරෝනා නිසා මියගිය සිඟිත්තකුගේ සිරුර භූමදානය සඳහා භාර ගැනීම එම දරුවාගේ
දෙමාපියෝ ප‍්‍රතික්‍ෂේප කළහ. එම සිඟිති සිරුර අදටත් කොහේ හෝ මෝචරියක සීතලෙන් ගල් වී තිබෙනවා වෙන්නට පුළුවන.

3. ආණ්ඩුව කොරෝනා ආසාදිතයන් බව කියන අය අතුරින් මියගිය 120 ක් ඉස්ලාමීයයන් බවත්, සෙම නරක් වූ විට කොරෝනා ධනාත්මක වන බවත් ඔහු කියා ඇත. මෙහි තේරුම නම් සෙම නරක් වූ කෙනෙකුගේ PCR එකක් කළොත් එමගින් කොරෝනා ප‍්‍රතිඵල පෙන්වන බවය.

ඉහත සඳහන් කතන්දර අනුව පෙනී යන්නේ අසාද් සාලිට ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීකමක් නොදී සජිත් පේ‍්‍රමදාස විශාල පින්කමක් කරගෙන ඇති බවය. අසාද් සාලිට නගර සභා ඡන්දයකින් එහාට යෑමට ජනතාව වරමක් දී නැත.

‘වළලනවාද, පුච්චනවාද’ යන කාරණය තම පැවැත්ම සඳහා යොදාගත් එකම දේශපාලනඥයා බවට අසාද් සාලි පත්ව සිටී. මේ රටේ ඇත්තේ එක නීතියකි. කොරෝනා හැදී ජරමරයකට ලක් වුණොත් අසාද් සාලිටද එම නීතිය පොදුය