Spread the News

සමන් ගමගේ

bodysකොරෝනා මෘතදේහ නැගෙනහිර පළාතේ ඔට්ටමාවඩි සහ ඉරක්කාමම් යන තෝරාගත් ස්ථාන දෙකකදී භූමදානය කිරීම ස`දහා අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ අධිකරණ වෛi නිලධාරී කාර්යාලයේ සහ වැලිකන්ද කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත මරණ දෙකක් ඊයේ (05දා* අදාළ තෝරාගත් ප‍්‍රදේශයකදී භූමදානය සිදු කෙරිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව ඉකුත් 03 වැනිදා නිකුත් කෙරුණු මාර්ගෝපදේශයන්ට අනුව මෙම භූමදාන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ දැඩි සෞඛ්‍ය ක‍්‍රමවේදයකට අනුව එම කටයුතු සිදු කිරීමට නියමිතය.

නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන දෙකක් මගින් ද තම පළාත් පාලන බල ප‍්‍රදේශයන්හිදී කොරෝනා ආසාදිත මරණ භූමදානය කිරීමට අවසර දෙන බවට ප‍්‍රකාශ නිකුත් කර තිබිණි.

නැගෙනහිර පළාතේ මඩකලපුව ඔට්ටමාවඩි කෝරළේපත්තු ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයේ ඇති මජීමා නගරයේ අක්කර දෙකක භූමියක් සහ අම්පාර ඉරක්කාමම් ප‍්‍රදේශයේ කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර ලබා දෙන බවට නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ද සඳහන් කර ඇත