Spread the News

 කීර්ති වර්ණකුලසූරිය

micheliත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කළ ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

එහෙත් එහි වගන්ති කීපයක් සංශෝධනයට ලක් කරන බව රජය ඇයට දැනුම් දී තිබේ.

මෙරට විවිධ රාජ්‍ය නොවන සංවිධාන ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරු සහ වෙනත් පාර්ශ්ව මෙරට ත‍්‍රස්තවාදයක් නැති බව දක්වමින් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට පියවර ගන්නැයි මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබුණි.

මෙම ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කර ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය දැන් උත්සාහයක් ගෙන ඇත්තේ එම පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා ඇති හිටපු කොටි ත‍්‍රස්තයන් අසූ දෙදෙනෙකු මුදා ගැනීම සඳහා බව හෙළි වී ඇත.