Spread the News

Divaina:

facebook14 වියැති බාලවයස්කාර ශිෂ්‍යාවක් මුහුණුපොත මගින් හඳුනාගෙන වසර 10 ක් පුරා ඇය දූෂණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සංචාරක හෝටල් සහ ට්‍රෝලර් යාත‍්‍රා හිමි 50 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය එම සැකකරු ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පෙරේදා (17 දා* නියෝග කළාය.
 
 මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතා විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර ව්‍යාපාරිකයා වූයේ මීගමුව කුඩාපාඩුව පදිංචි කෝටිපති සිවුදරු පියෙකි.
 
 මෙම සිද්ධිය අනාවරණය වූයේ මීගමුව වැල්ලවීදිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක් ගෙල වැලලාගෙන දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදීය. තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ඇඳ සිටි තිසරපටය තුළ සඟවා තිබූ ලිපියක් එහිදී හමුවී ඇත.
 
 එම ලිපියේ මියගිය තරුණිය සඳහන් කර ඇත්තේ මෙහි සැකකරු සමග වසර ගණනාවක් පේ‍්‍රම සබඳතාවක් මෙන්ම කායික සබඳතා පැවැත්වූ බවත් එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා විසින් තර්ජනය කිරීම නිසා තමාට දිවි එපා වූ බවත්ය.
 
 තමා සමග පේ‍්‍රම සබඳතා සහ කායික සබඳතා පැවැත්වූ සැකකරුගේ නම ඇය තම ලිපියේ සඳහන් කර ඇත. එම ලිපිය නිසා එම මරණය දිවි හානි කර ගැනීමක් බවට ප‍්‍රකාශ කිරීම අත්හිටුවිණි.
 
 මෙම තරුණිය වයස අවුරුදු 14 ක බාලවයස්කාරියක්ව සිටියදී මෙම ¥ෂණය ආරම්භ වී ඇති හේතුවෙන් එහි විමර්ශන කටයුතු මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතාට භාර විය. එහිදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ දිවි හානි කරගත් තරුණිය අවුරුදු 14 සිට තමා හඳුනන බවත් ඇය සමග කිට්ටුවෙන් ඇසුරු කළත් ඇය සමඟ පේ‍්‍රම සම්බන්ධයක් හෝ කායික සම්බන්ධයක් නොපැවැත්වූ බවත් අඩුම තරමින් ඇයගේ අතින්වත් තමා අල්ලා නැති බවත් සැකකරු පොලිසියට ප‍්‍රකාශ කර ඇත.
 
 එම තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තරුණිය දිගු කලක පටන් ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇත. සැකකරු සිවුදරු පියකු වන අතර ඔහුගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 21 කි. මීගමුව පොලිසියේ සැරයන් (53883* නවරත්න බණ්ඩාර මහතා සමග අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතා පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ශාන්ත නිරිඇල්ල සහ නාලක ප‍්‍රනාන්දු යන මහත්වරු පෙනී සිටියහ. වැඩිදුර විභාගය 23 වැනි දින පැවැත්වේ.

  මීගමුව සමූහ – විමල් කීර්ති