Spread the News

චතුර පමුණුව- Courtesy Divaina
 
 dinesh

ශ‍්‍රී ලංකාවට එරෙහිව මහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා කවුන්සිලය නියෝජනය…. 04 – පිිටුවට
 
 කරන රටවල් 47 න් බහුතරයකගේ එකඟතාවය ලබා ගැනීමට අසමත්වී ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
 
 මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් 22 ක් පමණක් යෝජනාවට පක්ෂව ඡුන්දය ලබාදුන් බව පවසන විදේශ අමාත්‍යවරයා රටවල් 25 ක්ම එම යෝජනාවට එක`ග වී නැති බව ප‍්‍රකාශ කරයි. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ රටවල් බහුතරයක් යෝජනාවට එකඟතාවය නොදැක්වූ බවත් එමගින් බටහිර ප‍්‍රබල රටවල මතයට කොන්දේසි විරහිතව එකඟවීමට එම රටවල් තවදුරටත් සූදානම් නොමැති බව පැහැදිලි වන බවත් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
 
 මෙහිදී ඉන්දියාව පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙසට කළ ප‍්‍රකාශයට පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ මෙය ඉන්දියාව එදා පටන් කරනු ලබන ප‍්‍රකාශයක් බවයි.
 
 
 
 අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ කරුණු ප‍්‍රකාශ කලේ ඊයේ පස්වරුවේ විදේශ අමත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

kandos18