Spread the News

 Divaina : ශී‍්‍ර ලංකාව සහ චීනය අතර සිදු වූ සාකච්ඡුාවක ප‍්‍රතිඵලයක් ලෙස ‘සයිනොවැක්’ නමැති කොරෝනා මර්දන එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීම ඉදිරි මාස දෙකේදී ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
 
 ඊට අදාළ එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ඉදිකරන බවත් ඒ සඳහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.