බැසිල් එළවන තෙක්ම සටන නවත්වන්නේ නෑ

Spread the News

Courtesy Divaina

රුපියල් 7කින් තෙල් මිල වැඩිකරන්නට වූ විට එදා මට අස්වෙන්න කීවා. එහෙම කීව කෙනා දැන් කාටද  අස්වෙන්න  කියන්නෙ…?

බැසිල් රාජපක්‍ෂ කියන අවලස්සන ඇමරිකානුවා යළි ඇමරිකාවට යන තුරුම සටන නොනවත්වන බවත් යන්නේ නැතිනම් එළවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ගම්මන්පිල මහතා එසේ කියා සිටියේ ඊයේ (14දා* පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

විමල් වීරවංශ මහතාට එරෙහි නඩු යළි එළියට එනවා නේද? යනුවෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් ගම්මන්පිල මන්ත‍්‍රීවරයා එම ප‍්‍රකාශය කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

නඩු දමාවි, හිරේ දමාවි, සමහර විට මරා දමාවි. අපව මරා දැමුවත් අපේ සටන නම් මරා දැමීමට ඉඩ තබන්නේ නැහැ.

මේ සටන පටන් ගත්තා විතරයි. අපි අභ්‍යන්තර සටනක් කළා. එය සාර්ථක වුණේ නැහැ. අපි ජනතාව සමග එකතුවෙලා ජනතාව පෙළගස්නවා. ජනතාව පෝලිම්වල දුක් විඳින්නේ අවශ්‍ය හේතුවක් මත නොවෙයි. මෙම තත්ත්වය ඇති කළ තත්ත්වයක් මිස ඇති වුණ තත්ත්වයක් නොවෙයි.

එරික් ගාමිණි ජිනප‍්‍රිය