Spread the News

දේශපාලන

සුනිල් හඳුන්නෙත්ති කියයිDinamina

මොන පක්‍ෂයකින් හරි කමක් නෑ මැයි නම වැනිදා පෙරවරුවේ සිදුවෙච්චි ජරා දේශපාලන ක්‍රියාවට හවස්වරුවේ ප්‍රතිචාර දක්වපු අය ආරක්ෂා කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පසුගිය 09 වැනිදා එල්ල කරන ලද අශිෂ්ට ප්‍රහාරයට ශිෂ්ටත්වයෙන් පිළිතුරු සොයන්න එපා යැයි ද හෙතෙම කීවේය. එම ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කල සියලු දෙනාම ආරක්ෂා කරගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය. ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මාතලේ ප්‍රදේශයේ කැඳවා තිබූ සාකච්ඡාවක් අමතමිනි.