Spread the News

දැනට සිරදඬුවම් විඳින රන්ජන් රාමනායකගේ සුවදුක් සොයාබලා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඔහු මුණගැසීමට තීරණය කළ බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය.

ජනාධිපතිවරයාගේ සමාව ලබාදී ඔහු නිදහස් කර ගැනීමට පියවර ගැනීමට කලින් මුණගැසී කතාබහ කර ඒ පිළිබඳව ඔහුගෙන් ද අදහස් ලබාගත යුතුව තිබෙන බව ද විජේදාස රාජපක්ෂ මහතා කීවේය.

රන්ජන් නිදහස් කරන ලෙස විපක්ෂයේ දේශපාලනඥයින් ඉල්ලා සිටීමට වඩා ඔහු නියෝජනය කරන කලා ශිල්පීන්ගේ හඬට කන් දීම වැදගත් කොට සලකා රන්ජන් නිදහස් කර ගැනීමට තමා උපරිම ප්‍රයත්නයක් දරන බව ද විජේදාස රාජපක්ෂ මහතා කීවේය.

නෝමන් පලිහවඩන