Spread the News

ආරියතිලක
2019.10.28


C 26, 05, 50, 56, 75 ජාතික ලොතරැයි මණ්ඩලය මෙගා පවර් mega power වාරය 0447 දිනුම් ඇදීම 2019.10.18 දින

26 05 50 57 75 යන සියලු
අංක (යුගල අංක) එක්කොට ගත් අගය වන්නේ 2,605,505,675 කි. මෙහි අගය දෙසීය හැටකෝටි පනස්පන්ලක්ෂ පන්දහස් හයසිය හැත්තෑපහයි.
මෙම උපරිම අගය වශයෙන් ඉලක්කම් දහයක් ඇති බැවින් 9,999,999,999 දක්වා ව්ස්තාරණය කළ හැක. මෙහි අගය නවසිය අනූනවකෝටි අනූනවලක්ෂ අනූනවදහස් නවසිය අනූනවය ය. (මේ අගයට 1ක් එකතු කළ විට බිලියන 10 කි. දහස් කෝටියකි. 10,,000,000,000)
9,999,999,999 දක්වා උපරිමය වශයෙන් විස්තාරණය කළ හැකි බැවින් 0,000,000,001 සිට 9,999,999,999 දකවා
අගය තුල ලොතරැයි ටිකට් 9,999,999,999 නවසිය අනූනවකෝටි අනූනවලක්ෂ අනූනවදහස් නවසිය අනූනවය ක් නිකුත් කළ හැක. එය අංක යුගල වශයෙන් නිකුත් කිරීමේදී මේ ලෙස පුළුවන.
00 ,00, 00, 00, 01,
00, 00, 00, 00, 02,
…..00 00 00 01 00,.
..00 00 00 01 01,
…26 05 50 56 75 (ඉහත් දැක්වූ ටිකට් පතය)……99 99 99 99 98, 99 99 99 99 99 වශයෙන් 00 00 00 00 01 සිට 99 99 99 99 99 දක්වා ටිකට් පත් නවසිය අනූනවකෝටි අනූනවලක්ෂ අනූනවදහස් නවසිය අනූනවයක ටිකට් පත් වෙළෙඳපොළට නිකුත් කළ හැක.
ඉංග්‍රීසි අකුරු විසි හය අතරින් I අයි අකුර හැර ඉතිරි අකුරු විසිපහ (25) එක් එක් අංකයට ආදේශ කළ විට 249,999,999,975 ක් ටිකට් පත් මුද්‍රණය කර වෙළෙඳ පොළට නිකුත් කළ හැක. එහි අගය විසිහතර දහස් නවසිය අනූනවකෝටි අනූනවලක්ෂ අනූනවදහස් නවසිය හැත්තෑපහයි.
කිසි සේත්ම එපමණ ටිකට් ප්‍රමාණයක් වෙළෙඳ පොළට නිකුත් කිරීම නොකරන බව පැහැදිලිය.
මෙම අගය එක් ටිකට් පතක මිල රු20 ගුණ කළ විට (20×249,999,999,975) සමස්ත වෙළෙඳ පොළ වටිනාකම රු:4,999,999,999,500 කි. බිලියන 5000 හෙවත් රුපියල් ට්‍රිලියනය පහක (ආසන්න) මුදලකි.(එපමන ටිකට් පත් නිකුත් නොකරනව ඇති බව අපගේ පිළිගැනීමය. අලවිය නොහැකි බැවිනි.)

දිනුම් ඇදීම
ලොතරැයි දිනුම් ඇදීම් යන්ත්‍රය අනුසාරයෙන් බෝල යොදා සිදු කරන බැවින් ඉහත දැක්වූ ලොතරැයි ටිකට් පත සහිත මෙගා පවර් mega power ලොතරැයිය දිනුම් ඇදීම, සාධාරණ ලෙස සිදු වීමට නම්
1.A,B,C,D,E,F,G,H,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W,X,Y,Z යන ඉංග්‍රීසි අකුරු 25 වෙන් වෙන් සහිත බෝල යෙදීම,(ඉංග්‍රීසි I අකුර නොමැතිව)

  1. ඉලක්කම් සහිත කොට්ඨාස පහක් ඇති බැවින් (උදා:- ඉහත දැක්වූ ලොතරැයි පතෙහි 26 05 50 57 75 යන ලෙසිනි ) ඒ සෑම කොටසක්ම නියෝජනය වන පරිදි එක් එක් කොට්ඨාසය බැගින් කොට්ඨාස පහටම, 00,01,02,03,04,05,06,07,08,09 10,11,12,…..ආදී ලෙස පිළිවෙළින් 98,99 දක්වා අංක යෙදූ බෝල යෙදිය යුතුය.
    එවිට දිනුම් ඇදීමට 00 ඇතුලුව අංක සහිත බෝල යේදූ කොටස් (කාණ්ඩ) පහකි.
    ඒ සෑම කොට්ඨාසයකම 00 සහිතව බෝල සියයක් 100 තිබිය යුතුය. එකම අංකය සහිත බෝල දෙකක් එක කොට්ඨාසයක නොතිබිය යුතුය.
  2. යම් හෙයකින් දිනුම් ඇදීමේදි, කොට්ඨාශ පහටම යෙදූ ඉලක්කම් සහිත බෝල 00, 00, 00, 00, 00 ලෙස ලැබුණහොත් නැවත දිනුම් ඇදීමට හෝ ඒ සදහා සාධාරණ සුදුසු විධි විධානයක් නීතියෙන් සැලසිය යුතුය.
    මේ ආකාරයෙන් දිනුම් ඇදීම තුල සර්ව සම්පූර්ණ වශයෙන් මෙය සාධාරණ වන්නේ 249,999,999,975 ක් ටිකට් පත් විසිහතර දහස් නවසිය අනූනවකෝටි අනූනවලක්ෂ අනූනවදහස් නවසිය හැත්තෑපහයි වෙළෙඳ පොළට නිකුත් කර ඇත්නම් පමණය. නමුත් කිසිදු ලෙසකින් මෙපමණ ටිකට් පත් ප්‍රමාණයක් නිකුත් කරන්නේ නැති බව පැහැදිලිය. එසේ වු විට ( ටිකට් පත් මුද්‍රණය කළ හෝ නොකළ) වෙළෙඳ පොළට නිකුත් නොකරන ලද අංක වලට, දිනුම් ඇදීමේදි දිනුම් අවස්ථා හිමි නොවේ. ඉලක්ක්ම් දෙක බැගින් හෙවත් යුගල අංක (උදාහරණ ;-26, 05, 50, 56, 75) ලෙස සටහන් සියලු ලොතැරැයි සහිත ලොතරැයි පත් මේ ගණයට වැටේ. වෙළෙඳ පොළට නිකුත් කර ඇති ලොතරැයි ටිකට් පත් වලට සාධාරණය සිදු වන්නේ ඉහත දැක්වූ ආකාරයට දිනුම් ඇදීම සිදුවුවහොත් පමණි.