Spread the News
Picture courtesy by maytermthailand.org

🏛️⚖️⚔️සේපාල අමරසිංහ පමණක් නොව වැරදි කළේ. බුද්ධ සාසන නීතිය තියෙන්නේ සමස්ථ ජනගහනය ආවරණය වෙන්න.

නමුත් රාජ්‍යය සහ ආණ්ඩු, රාජ්‍ය සේවකයින්, දේශපාලන පක්ෂ, ඒවායේ නායකයින් විසින් එදා මෙදා තුර සිංහල බෞද්ධ සංස්කෘතියට කරන ලද අකටයුතු කම්, රැවටීමට ලක් කිරීම්, වංචා කිරීම්, විකෘති කිරීමට කටයුතු කිරීම ඇතුළු තවත් බොහෝ අපරාධ පරීක්ෂණ කිරීම සහ නඩු විභාග ආරම්භ කිරීම පවා සිදු වී නොමැත.

උදා: 📌කොටින්ට අවි ආයුධ එසකෝර්ට් පිට ගෙන ගොස් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ට ලබා දීම

📌සෝවියට් සංගමය මගින් ප්‍රදානය කළ කර්මාන්ත ඈවර කර විකුණා දැමීම.

📌රාජ්ය මගින් මහා පරිමාණයෙන් සිංහල ජාතිය වන්ධ්‍යාකරණ ට ලක් කිරීම.

📌 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට සිංහල ජාතිය උකසට තබා, ජාතික සම්පත් ඇපයට තබා ණය ගැනීම. එම ණය පැහැර හැර ජාතිය සින්න වීමට ඉඩ හැරීම.

📌 මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු ප්‍රමාද කිරීම.

📌 ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදය වැඩෙන්න ඉඩ හැරීම.

📌 ඉස්ලාමීය මූලධර්මවාදී පාසැල් සහ සංවිධාන මෙරට තුල ක්‍රියාත්මක කිරීමට නෛතික විධිවිධාන සම්මත කිරීම.

📌 දේශපාලන අයිතිවාසිකම් වලට මුවා වී රටේ භෞමික අඛණ්ඩතාවය ට, ජාතික ආරක්ෂාවට හානි කර ද්වි පාර්ශවීය සහ බහු පාර්ශ්වික විදේශීය යුධ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, සහ ඊට ආධාර හා අනුබල ලබා දීම.

📌 සිංහල බෞද්ධයා ඇතුළු සෙසු ජනවර්ග කුස ගින්නේ සිටින විට මැතිවරණ සදහා රුපියල් බිලියන ගණන් වියදම් කිරීම

ආදි තවත් බොහෝ අපරාධ සදහා බුද්ධ සාසන නීතිය යටතේ නඩු පැවරීමට හැකියාව තිබුණි. නමුත් අප රටේ සෑම විටම සිදු වන්නේ දියමිටි තැනින් ජලය බැසයාම කි.

මේ සා වංචනික ක්‍රියාවලිය ඉදිරියේ සිංහල ජාතිය තවත් කොපමණ කාලයක් පවතිනු ඇති ද?

ඉන්දික සහභණ්ධු