Spread the News
Picture Courtesy thumbs dreams time

කිසිම ශීලයක් නැති ගැහැණියකට සීලවතී කියා අමතන්න, බුදුන් වහන්සේට ගරහන මිනිහෙකුට බුද්ධදාස කියා අමතන්න, තමන්ව පාලනය කරගන්න බැරි මිනිහෙකුට ධර්මපාල කියා අමතන්න මිනිස්සුන්ට පුරුදු කරපු අක්මුල් සිඳගත් සංස්කෘතිය කට කළ හැක්කේ නොගැළපෙනා නම් වලින් මිනිස්සුන්ව හෝ සංවිධාන හැඳින්වීමත් සිදු වුණු වැරැද්ද වසා ගැනීම සඳහා මතුපිට ආලේපයක් ගැල්වීමත් වැනි දේ හැරුණුකොට ලෝකයක් වෙනස් කරන්නට ඔවුන්ට හැකියාවක් ඇත්තේ නැහැ.

අතීත දේශපාලනය මෙන්ම වර්තමානය ද බුමරැංගුවක් වී තමාට ම ආපසු කැරකී එන්නේ තමා වෙනස් නොවී ලෝකය වෙනස් කිරීමට ගත් දුබල උත්සාහය නිසයි.

තමා කවුද කියා හරි හැටි නොදත් කිසිම කෙනකු පාර්ලිමේන්තුවට යවනවා තබා ආධුනික ගුරු තත්ත්වයක් වත් ලබා නොදිය යුතුයි.

තමා පිවිතුරු නොවී තමාගේ පක්ෂය පිරිසිඳු වන්නේ කෙසේද?

” ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට”

– එඩ්වර්ඩ් –
10.04.2023