දුෂ්ට විදෙස් බලපෑම් පරාජය කිරීමට මහසඟරුවනේ පූර්ණ ආශිර්වාදය

Spread the News

දුෂ්ට විදෙස් බලපෑම් පරාජය කිරීමට මහසඟරුවනේ පූර්ණ ආශිර්වාදය

source link:

– මල්වතු -අස්ගිරි මහ නාහිමිවරු

ඉන්දික පොල්කොටුව සහ අසේල කුරුළුවංශ

රටට එරෙහිව මේ මොහොතේ එල්ල වෙමින් පවතින විදේශීය බලපෑම් පරාජය කිරීමට සියලු භේද දුරලා සමස්ත ශ්‍රී ලාංකිකයන් එක්ව ක්‍රියා කළ යුතුව ඇතැයි මල්වතු අස්ගිරි මහා නාහිමිවරු අවධාරණය කරති.

එදා ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළේ දී ජාති ආගම්, පක්ෂ අමතක කොට එකම ජාතියක් ලෙසින් සියලු ශ්‍රී ලාංකිකයන් ක්‍රියාකළ අයුරින්ම වර්තමානයේත් මේ බලවේග පරාජය කිරීමට ද එක්ව ක්‍රියාකිරීම කාලීන අවශ්‍යතාවය වනු ඇති බවද මහා නාහිමිවරු පෙන්වා දෙති.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බැව් අවධාරණය කළේ යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවැසීය.

මහ නාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේ බැන් කී මූන් කමිටු වාර්තාව පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා මහා නාහිමිවරුන් දැනුවත් කළ බවද හුළුගල්ල මහතා මෙහිදී පැවැසීය.

රටට එරෙහි විදේශ බලපෑම් පරාජය කිරීමේදී ගන්නා වූ සෑම ක්‍රියාමාර්ගයකටම මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරන්තරයෙන් හිමිවන බවද මහානාහිමිවරුන් මෙහිදී අවධාරණය කළහ.