Spread the News

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ.

1. ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකරන රාජ්‍ය සේවකයන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය ක්‍රියාත්මක කිරීමට මහජන පැමිණිලි සටහන් කිරීමට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136.1.අ. වගන්තිය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට “ව්‍යවස්ථාපිත යුතුකම් ඉටුකිරීමේ ජාතික  කොමිෂන් සභාව” පිහිටුවන්න.

2. පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121වන ව්‍යවස්ථා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්වන නඩු විභාග, ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම් නඩු විභාග සජීවීව විද්‍යුත් මාධ්‍යයේ විකාශනය කරන්න.

3. වසර 3කට වැඩි කාලයක් වසා ඇති රාජ්‍ය ගොඩනැගිලි බදු පදනමින් කෘෂි නිෂ්පාදන සහ අපනයන නිෂ්පාදන ගබඩා කිරීම සඳහා ජනතාවට ලබා දෙන්න.

4. ප්‍රයෝජනයට නොගෙන ඇති රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් කෘෂිකාර්මික කටයුතු සහ අපනයන නිෂ්පාදනය ස‍ඳහා වසර 3ක බදු පදනමට ජනතාවට ලබා දෙන්න.

5. ගෑස්, ඉන්ධන නල මාර්ග පද්ධතියක් අධිවේගී මාර්ග දෙපස ඉදිකරන්න.

6. පාසල් විෂය නිර්දේශයට 6 වසරේ සිට උසස් පෙළ දක්වා නීතිය විෂය හඳුන්වා දී අනිවාර්යය විෂයක් කරන්න.

7. පොදු ප්‍රවාහන සේවාව දියුණු කර ජීපීඑස් තාක්ෂණය හදුන්වා දී ජංගම දුරකථන මගින් බස් රථ ගමන් කරන ස්ථාන හඳුනා ගත හැකි පරිගණක/කෘතිම බුද්ධිමය වැඩසටහන් හඳුන්වා දෙන්න.

8. දේශීය, ආයුර්වේද, බටහිර වෛද්‍ය ක්‍රම සඳහා එක සමාන ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න.

9. පළමු වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදලකට හෝ නඩු ගාස්තුවකට එරෙහිව අභියාචනා කිරිමට “විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව” පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන්න.

http://neethiyalk.blogspot.com/2024/09/9.html?m=1

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ.
සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394.