Spread the News

2024.09.30
ආරියතිලක

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලමින් දෙමාපියන් පිරිසක් විසින් බත්තරමුල්ල පැලවත්ත මංසන්ධිය අසල විරෝධතාවයක් පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
“ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇත්දැයි කරුණු සෙවීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබුණේ නැවත විභාගය නොපවත්වා එම ප්‍රශ්න සදහා සියලු දරුවන්ට ලකුණු ලබාදීමටය.
නමුත් විරෝධතාකරුවන් පවසන්නේ ප්‍රශ්න තුනකට පමණක් ලකුණු දීමෙන් ඵලක් නොවන අතර විභාගය යළි පැවැත්විය යුතු බවය.”
ඉහතින් දැක්වූයේ  lanka c news එය  වාර්තා කර තිබූ ආකාර ය.

මේ ගැටළුව විසදීමට ශිෂ්‍යත් විභාගය සම්පූර්ණයෙන් ම පැවැත්වීමට වඩා ප්‍රශ්න ගත ප්‍රශ්න 3 වෙනුවට පමණක් විභාගය පැවත්වා, ඒ උත්තර පත්‍ර ලකුණු සහ ලියන ලද අනෙක් ප්‍රශ්නවල උත්තරවල ලකුණු  එකට එකතු කර සමස්ථ ප්‍රතිඵල දැක්වීම කාලෝචිත බව අපගේ අදහස ය. මෙයින් කිසිදු ළමයෙකුට අසාධාරණයක්  සිදු නොවන බව අපගේ අදහස ය.
උද්ගත වූ ගැටළු සහගත ප්‍රශ්න 3 ට පොදුවේ සියලු දෙනාට ම ලකුණු දීම කිසිදු විද්‍යාත්මක පදනමක් නැත.

මේ කිසිදු වංචාවකට සම්බන්ධ නොවන ළමයෙක් එම ප්‍රශ්න 3 නිවැරදි සහගත ලෙස ලියා  ශිෂ්‍යත්ව  අවම කඩඉම් ලකුණු ප්‍රමාණය ලබා ඇතැයි සිතමු. තවත් ළමයෙක් ඒ ප්‍රශ්න 3 වැරදි සහගත ලෙස ලියා අවම කඩඉම් ලකුණු ප්‍රමාණයට වඩා එක්(1) ලකුණක් අඩුවෙන් ලබා ඇතැයි සිතමු.  නිවැරැදි ලෙස ලියූ ළමයාට  ඒ ප්‍රශන 3 ලකුණු  ලැබී ඇත. සියලු ළමයින්ට ඒ ප්‍රශන් 3 ලකුණු ලබා දීමේදී ඉහත කී   වැරදි ලෙස ලියූ ළමයාට ලකුණු එකතු වීමෙන් අවම කඩඉම් ලකුණු ගත් ළමයාට වඩා ලකුණු අගය ඉහල යා හැක. සියලු ළමයින්ට ඒ ප්‍රශ්න 3 ට ලකුණු දීම කරනවා නම් ඒ ප්‍රශ්න නිවැරැදි ලෙස ලියූ ළමයින්ගේ ද ලකුණු කපා හළ යුතු ය. නැති නම් කිසිදු විද්‍යාත්මක පදනමක් නැත. ඒ ලෙස ඒ ප්‍රශ්න 3 හි ලකුණු කපා හැර සියල්ලන්ට ම ඒ ප්‍රශ්න 3 ට ලකුණු  එකතු කිරීම ද කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බව අපගේ අදහස ය. මේ උභතෝකෝටික ප්‍රශ්නය බලධාරීන් හමුවට පැමිණ ඇත.