එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළත් කොටි

Spread the News

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළත් කොටි
source:
“බෙදුම්වාදී සතුරන් එදත් අදත් ඉදිරියටත්
බෙදුම්වාදීන් වේ. ඔවුන් කිසිවිටෙක වෙනස්‌ නොවේ”
– රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින්

* ශ්‍රී ලංකාවට එරෙහි එක්‌සත් ජාතීන්ගේ වාර්තාව කලින්ම පිට කරලා
* ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීම සඳහා දෙසැම්බර් 31 ට
පෙර එක්‌සත් වන්නැයි එල්ලායන් බළකාය කොටි
සංවිධානවලට කියා සිටී
* මුල්ලිවයික්‌කාල් සිද්ධිය නිසා අපි පරාජය වී නැහැ
– ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්
* ඊළාම් අරගලය ගෙන යැමට අලුත් කට්‌ටියක්‌
අපට එකතුවෙලා – ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්
* ඊළාම් දේශය ලොව 194 වැනි රට කරනවා
– තමිල්නාඩු දේශපාලක මානි
* තවත් චැනල් 4 වීඩියෝ පටයක්‌ ලන්ඩනයේදී එළිදකී
* එක්‌සත් ජාතීන්ගේ වාර්තාව ප්‍රකාශයට පත්වීමක්‌
සමගම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ජාත්‍යන්තර
විමර්ශනයක්‌ ඉල්ලයි
* කොටි පැරදවීමට රජය ක්‍රියා කිරීම වැරැද්දක්‌ලු
– එක්‌සත් ජාතීන්ගේ සහකාර ලේකම් ජෝන් හෝල්ම්ස්‌
* බී.බී.සී. සේවාව ශ්‍රී ලංකාව පතුරු ගහද්දී බී.බී.සී.
ඒජන්තවරු රජයෙන් වාහන ණය ඉල්ලති

1. පැය 24 න් ශ්‍රී ලංකාව යුද අපරාධකරු යෑයි
තීන්දු කළ ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තා ද කොටි හිතවාදීන්
සමග එක්‌වී සිටි අයුරු
2. වාර්තාවේ අඩංගු කරුණු කෙලින්ම දැන සිටි ගැරත් ඊවන්ස්‌
3 මහලේකම් බෑන් කී මූන්ට චාල්ස්‌ ප්‍රිට්‌රි පිළිගැන්වූ වාර්තාව
කලින්ම කොටි හිතවාදීන්ට ලැබුණේ කෙසේද?


4. විමර්ශන වාර්තාවෙන් ඉවත් කළ කොටස්‌

වන්නි මෙහෙයුමින් පසුත් මෙරට බහුතරය දේශපාලන බලය උදෙසා ඇන කොටා ගන්නා අවස්‌ථාවේ ඔවුහු ලන්ඩනයේදී එක්‌සත් වූහ. ඒ වෙනින් කවුරුත් නොව කොටි රූකඩය ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන් හා තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ය. දින තුනක්‌ තිස්‌සේ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය විසින් පැවැත්වූ මේ සමුළුවට ඇමරිකානු – කැනඩා යන රටවල කොටි හිතවාදී සංවිධානවල සහාය ද ලැබිණි. ශ්‍රී ලංකාවේ රජයටත්, හමුදාවටත් එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා අයර්ලන්තයේ ටි්‍රනිටි ආගමික මධ්‍යස්‌ථානයේ සේවය කරන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියකු වන ජුඩ්ලාල් ප්‍රනාන්දු නමැත්තා ද එම කොටි හිතවාදීන්ගේ සමුළුවට කැඳවා තිබිණි.

මේ සමුළුව ඇමතූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගෙ-න්ද්‍ර කුමාර් පොන්නම්බලම් 2009 දී ඇතිවූ සිද්ධිය නිසා උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව මෙන් ද්‍රවිඩ ඩයස්‌පෝරාව තමන් පරාජය වූ බව නොසිතන ලෙස කියා සිටියේය. “ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට රටකට හිමිකම් තිබෙනවා. ජාත්‍යන්තර නීතිය යටතේ ස්‌වයංපාලනයකට හිමිකම් ඇති බව පිළිගත යුතුයි. කොළඹ රජය අපට බලය ලබාදෙන්නේ නැහැ. අද ශ්‍රී ලංකාව දිගින් දිගටම සිංහල බෞද්ධ රාජ්‍යයක්‌ ලෙසට ක්‍රියාත්මක වනවා”යෑයි පොන්නම්බලම් තවදුරටත් සඳහන් කළේය.

අනතුරුව තමිල්නාඩුවේ පාටලි මක්‌කල් කච්චි නමැති කොටි හිතවාදී පක්‍ෂයේ නායක ජී. කේ. මානි මෙලෙස පළ කළේය. “මුල්ලිවයික්‌කාල්හිදී ද්‍රවිඩයන් පනස්‌ ලක්‍ෂයක්‌ මැරුවා. අයර්ලන්තයේ ඩබ්ලින් විනිශ්චය සභාව ද ශ්‍රී ලංකාව සමූල ඝාතන සිදු කළ බව තීරණය කළා. ශ්‍රී ලංකා ජනාධිපති, ආරක්‍ෂක ලේකම් හා හමුදා නිලධාරීන් යුද අපරාධවලට සම්බන්ධයි. සිංහලයන්ට හා ද්‍රවිඩයන්ට රටේ සාමකාමීව ජීවත්වීමේ හැකියාවක්‌ නැහැ. ඊළාම් රාජ්‍යය ආරම්භ කිරීම සඳහා හේතූන් රැසක්‌ අපට දැක්‌විය හැකියි. ඒ සඳහා එක්‌සත් ජාතීන්ගේ හා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය අවශ්‍යයි. එසේම ජාත්‍යන්තර ප්‍රජාව විසින් එක්‌සත් ජාතීන්ගේ සංවධානය තුළ 194 වැනි රට ලෙස ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කළ යුතුයි. තමිල්නාඩුවේ මානි මෙලෙස පවසන අවස්‌ථාවේ ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැති “ෙද්‍රdaහියා” සිනහමුසු මුහුණින් යුක්‌තව හිස වනා ඇත. මෙයට මාස ගණනාවකට පෙර මොහු අහුලාගත් විනිසුරුවන් යෑයි හඳුන්වන කණ්‌ඩායමක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට ගෙන්වා මහජන විනිශ්චය සභාව නමින් හොර අධිකරණයක්‌ ආරම්භ කර පැය 24 ක්‌ තුළදී ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට තීන්දු කළේය.

මානි මෙන්ම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් ද මෙකී සමුළුව අමතමින් වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩයන් දසලක්‍ෂයක්‌ මියගිය බව කියා සිටියේය. “ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ව පාලනය කරන්නේ හමුදාවයි. ශ්‍රී ලංකාවේ සිදුවූ දේ ගැන ලබන මාර්තු මාසයේදී තීරණයක්‌ ගනීවි. අපේ ප්‍රජාව වෙනුවෙන් අනාගත නිදහස්‌ අරගලය දියත් කිරීම සඳහා සංක්‍රමනික රටවල සිටින තරුණ කණ්‌ඩායම් අලුතින් බිහිවී අපට එක්‌වනවා”යෑයි ශ්‍රීධරන් හෙළි කළේය.

යාපනයේ කොටි හමුදා නායකව සිටි තීපන් ත්‍රස්‌තයාගේ සමීපතම ඥතියකු වූ ශ්‍රීධරන් මෙලෙස ශ්‍රී ලංකාව දෙකඩ කරන බව ප්‍රසිද්ධියේ පවසන අවස්‌ථාවේ තමිල්නාඩුවේ මැයි 17 සංවිධානයේ නායක තිරුමුරුගන් ගාන්ධි ද සුඩානය දෙකඩ කළා නම් ශ්‍රී ලංකාව දෙකඩ කළ නොහැක්‌කේ මන්දැයි ප්‍රශ්න කළේය. වහාම ඉන්දියාව, ඇමරිකාව, පකිස්‌තානය සහ චීනය යන රටවලින් සැදුම්ලත් සාම හමුදාවක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කළ යුතුයි”යෑයි ද ඔහු සඳහන් කළේය.

තමිල්නාඩුවේ පුතියතමිගම් පක්‍ෂයේ නියෝජිත ක්‍රිෂ්ණස්‌වාමි මෙම සමුළුව හමුවේ බෙරිහන් දෙමින්, ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමේ යෝජනාව තමා තමිල්නාඩුවේ පාර්ලිමේන්තුවට යොමු කරන බව කීවේය. ලෝක ද්‍රවිඩ සමුළුව නමින් හඳුන්වනු ලැබූවත් කොටි හිතවාදීන් සහභාගි වූ ලන්ඩන් සමුළුවට සුරේශ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු කීප දෙනෙක්‌ ද සහභාගි වී ඇත. මෙහිදී සම්මත කරගත් යෝජනාව වූයේ සමූල ඝාතන අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගැන පරීක්‍ෂණයක්‌ කළ යුතු බවයි.

මේ අයුරින් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් වැටුප් ලබන හා තීරුබදු රහිත වාහන පහසුකම් ලබාගන්නා ද්‍රවිඩ මන්ත්‍රීවරු ලන්ඩන් නුවරට ගොස්‌ රටේ ඒකීයභාවයට එරෙහිව ප්‍රකාශ කරද්දී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාල බලධාරීහු ගත් ක්‍රියාමාර්ග කුමක්‌ද? ලන්ඩන් නුවර සිදුවූ ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාමාර්ගය එතනින් නතර වූයේ නැත. පසුගිය සඳුදා (12 දා) ක්‍රිස්‌ටිනා පීච්චි නමැති ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිසුවියක්‌ යෑයි හඳුන්වා ගන්නා තැනැත්තියක්‌ අයිස්‌ ඔන් ද ග්‍රවුන්ඩ්  නමැති කෙටි චිත්‍රපටයක්‌ එළි දැක්‌විය. ශ්‍රී ලංකාවට කිසි දිනෙක පැමිණ නැති ක්‍රිස්‌ටිනා ලන්ඩනයේ චැනල් 4 රූපවාහිනියේ ලබාගත් දර්ශන මගින් නිර්මාණය කළ එකී චිත්‍රපටයෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බව සනාථ කිරීමයි.

වන්නි මෙහෙයුම ගැන හෝ කොටි ත්‍රස්‌තවාදය ගැන කිසිවිටෙක ප්‍රකාශයක්‌ නොකළ මේ නවක තැනැත්තියගේ කෙටි චිත්‍රපටිය ඇගයීමට ලක්‌ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව කිලිංµSල්ඩ් වීඩියෝ පටය නිපදවූ අයි.ටී.එන්. රූපවාහිනී සේවාවේ ක්‍රිස්‌ සෝ නමැත්තායි.

මේ නිසා චැනල් 4 රූපවාහිනිය ක්‍රිස්‌ටිනා පිච්චි නමැත්තියට කොන්ත්‍රාත්තුවක්‌ ලබාදී තිබූ බව සනාථ විය. ඒ සමගම ලන්ඩනයේ කොටි වෙබ් අඩවිය ද ඇගේ ශ්‍රී ලංකා විරෝධී කෙටි චිත්‍රපටයට ප්‍රචාරයක්‌ දුන්නේය. ක්‍රිස්‌ටිනා පීච්චි චිත්‍රපටිය එළිදැක්‌වී පැය 24 ක්‌ ගත වෙත්ම ලන්ඩනයේ කොටි රූකඩය වූ බී.බී.සී. සේවාව සහ යුරෝපා කොටි වෙබ් අඩවිය විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් කර තිබූ විමර්ශන වාර්තාවක්‌ අනාවරණය කරනු ලැබීය. මහලේකම් බෑන් කී මූන් විසින් එළිදැක්‌වීමට නියමිතව තිබූ මේ වාර්තාව කල්තියා කොටි හිතවාදීන්ට ලැබුණේ කෙසේද? මෙකී වාර්තාවේ දක්‌වා තිබුණේ වන්නි මෙහෙයුම පැවැති සමයේ සිවිල් වැසියන් ආරක්‍ෂා කර ගැනීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අසමත් වූ බවයි. මෙම විමර්ශන වාර්තාව සකස්‌ කිරීමට මුල්වූ එක්‌සත් ජාතීන්ගේ නිලධාරියකු වන චාල්ස්‌ පෙට්‌රි එකී වාර්තාව මහලේකම් බෑන් කී මූන්ට භාරදීමට පෙර බී.බී.සී. සේවාව අමතා තිබේ. 2008 සැප්තැම්බර් මසදී වන්නියේ සිටි එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම ඉවත් වුවත් ඔවුන් සමග සිටි බෙන්ජමින් ඩික්‌සි නමැත්තා ඊට එරෙහිවී තිබේ.

මේ බෙන්ජමින් ඩික්‌සි යනු නෝර්වේ පීපල්ස්‌ ඒඩ්, සොලිඩයාර් යන විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවල සිටි සහන සේවකයෙකි. ඔහු වන්නියේ කොටි සමග එක්‌ව ක්‍රියා කළේය. බොහෝ අවස්‌ථාවල කොටි උත්සව ඡායාරූපගත කළේද මොහුයි. බෙන්ජමින් ඩික්‌සි කොටි උත්සවවල ඡායාරූප ගන්නා අයුරු මෙයට වසර කීපයකට පෙර අපි සාධක සමග සනාථ කළෙමු.

අද එක්‌සත් ජාතීන්ගේ විමර්ශන මණ්‌ඩලය හමුවේ සාක්‌කිදී ඇත්තේ වන්නි කොටින්ට උදව් කළ බෙන්ජමින් ඩික්‌සිය. මෙලෙස සිවිල් වැසියන්ව බේරා ගැනීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කර නැති බවට බෑන් කී මූන්ට චෝදනා එල්ල වන අවස්‌ථාවේ කොටි සමග දැඩි සබඳකම් පැවැත්වූ මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රැන්සස්‌ හැරිසන් පවසන්නේ මහලේකම්ට එල්ලවු චෝදනාවෙන් ගැලවීමට නම් දස දහස්‌ ගණනක්‌ සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ කළ යුතු බවයි. ප්‍රැන්සස්‌ හැරිසන් ශ්‍රී ලංකාවෙන් සමු ගැනීමට පෙර ගාලු මුවදොර හෝටලයේ පැවැත්වූ සාදයේ අමුත්තකු වූයේ පුලිතේවන් නමැති කොටි ත්‍රස්‌තයායි.

මෙලෙස ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීමට විවිධ උත්සාහ දරන අවස්‌ථාවේ පුද්ගලික රූපවාහිනී කණ්‌ඩායමක්‌ මුල්ලිවයික්‌කාල් සහ මුලතිව් ප්‍රදේශවල සැරිසරනු ලැබීය. මුලතිව්හි ද්‍රවිඩ අවතැන්වූවන් සමග සාකච්ඡා කිරීමට යෑයි කියමින් පැමිණ මොවුන් රූගත කිරීමට යන්නේ කුමක්‌දැයි 59 වැනි සේනාංකයට වාර්තා විය. එම සේනාංකයේ නිලධාරීන්ට මොවුන්ගේ මෙහෙයුම සනාථ විය. ඒ සමගම ඔවුහු හෙමින් සීරුවේ මාරුවී තිබේ. මෙහිදී අනාවරණය වූයේ අවතැන්වූවන් යෑයි කියන පිරිසගෙන් එම රූපවාහිනි කණ්‌ඩායමට දුරකථන පණිවුඩ පවා ලැබීමය. එසේම එල්ලාලන් බළකාය, නමින් ලිපි ලොව පුරා ඇති කොටි හිතවාදී සංවිධාන වෙත යවා තිබිණි.

මේ විද්යුත් ලිපියේ දක්‌වා තිබුණේ දෙසැම්බර් 31 වැනිදාට පෙර සියලුම ද්‍රවිඩ සන්ධාන එක්‌සත් විය යුතු බවත් නැත්නම් දඬුවම් කරන බවත්ය. මෙයට හේතුවී ඇත්තේ කොටි ජාලය තුළ කණ්‌ඩායම් කීපයක්‌ ඇතිවීමයි. මේ අතර ප්‍රංශයේදී කොටි නායක පරිති නොහොත් රීගන් ඝාතනය විය. මෙම ඝාතනය ගැන ප්‍රංශ පොලිසිය විසින් ද්‍රවිඩයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පෙර ජාත්‍යන්තර කොටි ජාලයේ 11 වැනියා වූ වී. කිරුබාහරන් ත්‍රස්‌තයා මෙය ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවේ ක්‍රියාදාමයක්‌ යෑයි චෝදනා කළේය. රීගන් නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩයන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ කළ ප්‍රකාශයක්‌ ප්‍රංශයේ ලේ පැරිසියන් පුවත්පතේ පළ විය. පැරිස්‌ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරියකුට සම්බන්ධ අයකු තමන් අමතමින් පරිතිව ඝාතනය කරන්නේ නම් යුරෝ 50000 ක්‌ සමග ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක්‌ ලබාදෙන බව පැවසුවේ යෑයි එකී පුවත්පතේ සඳහන් විය.

මේ ප්‍රකාශය තුළින් සනාථ වූයේ ප්‍රංශ කොටි ජාලය විසින් පරිතිගේ ඝාතනයට ශ්‍රී ලංකා රජය වගකිවයුතු බවට ප්‍රංශ බලධාරීන් වෙත පෙන්නුම් කිරීමට දියත් කළ මෙහෙයුමයි. එහෙත් ප්‍රංශ පුවත්පතේ පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් මෙරට බලධාරීන් ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට ක්‍රියා නොකළේ මන්ද? මේ අතර අර්බුදකාරී චරිතයක්‌ වූ බ්‍රිතාන්‍ය ජාතික චාල්ස්‌ ප්‍රිට්‌රි විසින් වන්නි මෙහෙයුම සමයේ සිවිල් වැසියන්ව රැක ගැනීම සඳහා එක්‌සත් ජාතීන් අසමත්වීමට අදාළ වාර්තාව පසුගිය බදාදා මහලේකම් බෑන් කී මූන්ට භාර දුන්නේය.

එහෙත් එම වාර්තාව ප්‍රකාශයට පත්වීමට පෙර හිටපු ඕස්‌ටේ්‍රලියානු විදේශ ඇමැති ගැරත් ඊවන්ස්‌ විසින් ඒ ගැන ප්‍රකාශයක්‌ කළේය. “චාල්ස්‌ ප්‍රිට්‌රිගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාව තුළ එක්‌සත් ජාතීන් ක්‍රියා කළ අයුරු ගැන දැක්‌වෙන ස්‌වරූපය යහපත් නොවේ”යෑයි ඊවන්ස්‌ කියා සිටියේය. ප්‍රිට්‌රිගේ වාර්තාව ප්‍රකාශයට පත්වීමට පෙර එහි අඩංගු දේ ගැන ඊවන්ස්‌ දැන සිටියේ කෙසේද?

මේ පසුබිම මැද චාල්ස්‌ ප්‍රිට්‌රි යනු නෝවීජියානු සාම ක්‍රියාදාමයට සම්බන්ධ වූවෙක්‌ යෑයි හෙළිවී තිබේ. මින් පිළිබිඹු වන්නේ බෑන් කී මූන්ට වාර්තාව පිළිගැන්වීමට පෙර එය ශ්‍රී ලංකා විරෝධීන් වෙත ඔහු ලබාදී ඇති බවයි. මෙලෙස සිවිල් වැසියන් ගැන ප්‍රිට්‌රි හඬ නගන අවස්‌ථා ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර හමාස්‌ සංවිධානයේ හමුදා නායක අහ්මද් ජබාරිව ඝාතනය කළේය. එහිදී සිවිල් වැසියන් ඇතුළු දස දෙනෙක්‌ මරුමුවට පත් විය. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් ආරක්‍ෂක ඇමැති එහුද් බරක්‌ පැවසුවේ ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමට කාගේවත් අවසරයක්‌ අවශ්‍ය නැති බවයි. එහෙත් මානව හිමිකම් සංවිධාන නිහඬ වී ඇත. මේ අතර වැලිකඩ බන්ධනාගාරය දූෂිතයන්ගේ පාරාදීසයක්‌ යෑයි සනාථ විය. එහි සිටි ඉන්දීය සිරකරුවන්ට පවා දූෂිත රැකවලුන් විසින් ජංගම දුරකථන සපයා තිබිණි. එම ඉන්දීය සිරකරුවෝ සිය ජංගම දුරකථන මගින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාට පවා එස්‌.එම්.එස්‌. පණිවුඩ යවා තිබේ.

මේ ජංගම දුරකථන පණිවුඩ අක්‍රීය කිරීමට සවි කළ ජෑමර් යන්ත්‍රත් ක්‍රියාත්මක නොවූයේ ද යන ප්‍රශ්නය දැන් ජනතාව හමුවේ පවතී. මේ පසුබිම යටතේ විපක්‍ෂයේ දේශපාලනඥයකු විසින් වැලිකඩ සිරගෙදර වෙත විශේෂ කාර්ය බළකාය යෑවූ නිලදාරීන් හෙළි කරන්නැයි ඉල්ලා ඇත. මේ අන්දමට බින් ලාඩන්ව මැරීමට ඔබාමා යෑවූ හමුදා කණ්‌ඩායමට නියෝග දුන් නිලධාරීන්ව ඇමරිකානු රජය හෙළි කරන්නේද?

මේ අතර එක්‌සත් ජාතීන්ගේ වාර්තාවේ මකා දැමූ පිටු කීපයකට රාජ්‍ය නොවන සංවිධානවලට ලැබී ඇත. මෙකී වාර්තාව සම්බන්ධව එක්‌සත් ජාතීන්ගේ මානුෂික කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෝන් හෝල්ම්ස්‌ ශ්‍රී ලංකා රජය කොටි සංවිධානය විනාශ කිරීමට ක්‍රියා කිරීම ගැන චෝදනා කර ඇත.

සිවිල් වැසියන් රැකීමට වඩා කොටින්ව වැනසීමට රජයට අවශ්‍ය වුණා යෑයි ඔහු කියා සිටියේය. මෙම පසුබිම යටතේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් විදේශ මාධ්‍ය අමතමින් සිවිල් වැසියන් මියයැම ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. එසේනම් කොටි රූකඩය වූ ද්‍රවිඩ සන්ධානය ප්‍රභාකරන් සමග එක්‌වී කටයුතු කිරීම ගැන ද ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය වේ. සුමන්තිරන් මේ ප්‍රකාශය කර පැය කීපයකට පසු බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ද එවන් ඉල්ලීමක්‌ කර තිබේ. මෙලෙස එක්‌සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවෙන් හෙළි වන කරුණු නිසා චැනල් 4 වීඩියෝ පටය නිර්මාණය කළ කැල්ලම් මැක්‌රේ නමැත්තා විසින් එක්‌සත් ජාතීන් පාඩමක්‌ ඉගෙන ගත යුතු යෑයි පවසා ඇත. මේ වාතාවරණය යටතේ ලන්ඩනයේ බී.බී.සී. සේවාව ශ්‍රී ලංකාව ලොව ප්‍රධාන යුද අපරාධකරු යෑයි හංවඩු ගසමින් දැඩි විවේචනයක යෙදී තිබේ.

මෙයට සමානව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කමිටුව 2013 වසරේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීම වැරැද්දක්‌ යෑයි දක්‌වා ඇත.

එසේම කොළඹ බී.බී.සී. වාර්තාකරු චාල්ස්‌ හැව්ලන්ඩ් නමැත්තා ද ඊට දායක වී තිබේ. මේ අන්දමට බී.බී.සී. සේවාව ශ්‍රී ලංකාවට එරෙහිව දෝෂාරෝපණය කරද්දී බී.බී.සී. ය වෙනුවෙන් සේවය කරන්නන් හී්‍ර ලංකා ආණ්‌ඩුවෙන් වාහන ණය ඉල්ලති. පසුගියදා අමාත්‍ය මණ්‌ඩල තොරතුරු දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී බී.බී.සී. ඒජන්තවරයකුට වාහන ණය නොලැබීම ගැන ප්‍රශ්න කෙරී ඇත. එහෙත් මොවුන් වාහන ණය බ්‍රිතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංසදයෙන් හා බී.බී.සි. යෙන් ලබානොගන්නේ මන්ද?

මේ අතර එක්‌සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවෙන් ඉවත් කර ඇත්තේ සිවිල් වැසියන් 5000 ක්‌ මියගිය බව දැක්‌වෙන තොරතුරුයි. මෙලෙස ඉවත් කර ඇති තොරතුරු ඇමරිකානු කොටි හිතවාදී මැතිව් රසල් ලීට ලැබී ඇත. මේ පසුබිම මැද ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාල බලධාරීහු නිහඬවීම මවිතයකි. මේ ගැන ප්‍රශ්න කරන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාල බලධාරියකු විසින් කොටි යෑයි හඳුන්වා ඇත. එසේම එක්‌සත් ජාතීන්ගේ වාර්තාවට ප්‍රතිචාර දැක්‌විය යුත්තේ පාලිත කොහොන බවට ද ඔවුන් පවසා තිබේ. එසේම ජාත්‍යන්තර මාධ්‍යවලින් ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවන්ට ප්‍රතිචාර නැත. ඊට හේතුව වී ඇත්තේ වෘත්තීය නිපුණත්වයෙන් යුත් ජාත්‍යන්තර මාධ්‍යවලට ප්‍රතිචාර දැක්‌වීමට හැකි අයකු නැතිවීමයි.

මේ අතර විදේශ අරමුදල් ලබන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නමැති නෝර්වේ එන්.ජී.ඕ. කම්පැනියේ ඉගෙනුම ලැබූ පාර්ශ්වයක්‌ රජය වෙනුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය පාර්ශ්වයට ඇතුළත් වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය