“ත්‍රිපිටකය හා බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයයි. එය විනය, සුත්‍ර සහ අභිධර්ම පිටකය ලෙස කොටස් තුනකින් සමන්විත අතර, බුද්ධාගමේ සම්පූර්ණ මූලධර්මය සුරක්ෂිත කරයි. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අනුව, රාජ්‍යයට බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ නීතිමය වගකීම පැවරී ඇත. එබැවින් තිපිටකය මත ඕනෑම ප්‍රහාරයක් හෝ විකෘති කිරීම, ජාතික ආරක්ෂාව හා සභ්‍යත්ව සංස්කෘතිය බිඳ වැටීමේ ක්‍රියාවක් ලෙස සැලකිය යුතුය. ත්‍රිපිටකය ආරක්ෂා කිරීම යනු රටේ ආගමික උරුමය, සභ්‍යත්වය සහ සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයන ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීමයි.”
— පාලිත අරියරත්න
