Spread the News

ආරියතිලක
2026 .04.07

‘මේ ගල් අගුරුවල ප‍්‍රමිතියේ ප‍්‍රශ්ණයෙක් තිබෙනවා.  තමුන්නාන්සෙලට කියන්න කැමතියි ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ මම හෝ කවුරුවත් කාල හපල නෙමෙයි’ යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්‍තුවේදී ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කෙරෙණි.
“තමුන්නාන්සෙලට කියන්න කැමතියි ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ මම හෝ කවුරුවත් කාල හපල නෙමෙයි”

මෙ ප්‍රකාශය අනුව රටේ පළමුවන පුරවැසියා ලෙස ජනාධිපතිවරයා කියා සිටින්නේ , රටේ ජනතාව සිතා සිටින හැටි උපකල්පනය කොට ය. ඒ උපකල්පනය නම් “ ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ මම හෝ කවුරුවත් කාල හපල වෙන්න ඇතිය” යැයි සිතන බවය. ඒ රටේ ජනතාවගේ තරම, ජනාධිපතිවරයා සිතන හැටි ය. ජනාධිපතිවරයා කීවට පසුවයි අපිත් දැන ගත්තේ, ගල් අගුරු කාල හපල බලා නොවෙයි ගල් අගුරු මිළදී ගන්නේ කියා. ඔන්න ගල් අගුරු කාල හපළ බලනවා යැයි සිතා සිටිය හා සිටින අය අදින් පසුව එහෙම සිතීමෙන් වැළකීම හොඳ ය. ඒ දැනුවත් කිරීම කළාට ජනාධිපතිවරයාට බෙහෙවින් ම ස්තුතියි. නැත්නම් රටේ ජනතාව, තව තවත් “ ජනාධිපතිවරයා හෝ වෙන් කවුරුවත් හෝ ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ කාල හපල” යැයි සිතා ගනීවි. ඒ අදහස නැති කිරීම මහත් ම පිං කමක් නො වන්නේ ද?

ජනාධිපතිවරයාට එහෙම සිතන්නට හේතුවක් වන්නට ඇත්තේ “2024 ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතාව අපට ඡන්දය දුන්නේ අපිව කාල හපල නොවෙයිනේ.. එහෙම ජනතාවට හැකියාවක් තිබුණා නම් අප ලබපු ඡන්ද ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්න තිබුණා. අප මැතිවරණ වේදිකාවේ කී කතා ජනතාව එහෙම ම පිළිගත්තා හෙව්වේ බැලුවේ නැහැ. එහෙව් එකේ ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ මම හෝ කවුරුවත් කාල හපල යැයි ජනතාව සිතනවා ඇති. මේ රැවටෙන රැවටිල්ල්ලේ හැටියට රටේ ජනතාව ගැන එහෙම සිතීම වැරදි නැත” යැයි  සිතා කටයුතු කරන බව අපගේ අදහස ය.

Protected by Security by CleanTalk