Spread the News

“අද කියන බොරුව හෙට එළි වෙනවා, හෙට කියන බොරුව අනිත්දා එළි වෙනවා. ඒ එළි වෙනකොට විපක්ෂයේ රෙදි ගැලවෙනවා”

ආරියතිලක
2026.05.11

“අද කියන බොරුව හෙට එළි වෙනවා, හෙට කියන බොරුව අනිත්දා එළි වෙනවා. ඒ එළි වෙනකොට විපක්ෂයේ රෙදි ගැලවෙනවා” යැයි
නලීන් හේවගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මෙය විපක්ෂය අරමුණු කර ගෙන කීව ද මෙය කාටත් පොදු ධර්මතාවයකි. දේශපාලනයෙහි ජාතික ජන බලවේගය තරම් බොරු කියන ලද දේශපාලන පක්ෂයක් දේශපාලන ඉතිහාසයේ නැත. එය කාටත් වඩා හොඳින් ම ජාතික ජන බලවේගය ඔප්පු කොට ඇත. බොරුව ආත්මය කොට ගත් පිරිසකට ඒ ගැන තමන් කියන ලද බොරු හා ජනතාවට දෙන ලද බොරු පොරුන්දු පිළිබඳව කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැත.

ජාතික ජන බලවේගය 2024 ජනාධිපතිවරණයට පෙර දෙන ලද ප්‍රධානත ම පොරොන්දුව හා දේශපාලන තේමා පාඨය වූයේ හොරු ඇල්ලීම හා හොරකම් නො කිරීම ය. එය අද පුස්සක් වී තිබේ. හොරකම නම් හොරකම ය. ගණන අදාල නැත. හොරකම් නො කරනවා නම් තඹ දොයිතුවක දෙයක් හොරකම නො කළ යුතු ය. ප්‍රතිඥාව එය යි.

අප කියනවා හැකි නම් ජාතික ජන බලවේග පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ පකෂ සාමාජිකයන්ට එසේ ම එම පක්ෂ දෙක වෙනුවෙන් පෙනී සිටින්නන්ට, 2024 සැප්තැම්බර් 21 දින සිට අද දක්වා රටේ මහජන දෙපොළ අතරින් අවම එක රුපියලක් හෝ ඊට වැඩියක් හෝ එසේ ම අවම රුපියලක වටිනාකම හෝ ඊට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ හෝ සේවාක් හෝ රජයට අලාභ වන ලෙස, රටේ මහජනතාවට අලාභ වන ලෙස, භුක්ති විඳ නැත ය කියා හැකි නම් කියන්න!

2024 සැප්තැම්බර් 21 දින සිට අද දක්වා රටේ මහජන දෙපොළ අතරින් අවම එක රුපියලක් හෝ ඊට වැඩි හෝ එසේ ම අවම රුපියලක වටිනාකම හෝ ඊට වැඩි වටිනාකමකින් යුතු භාණඩ හෝ සේවාවක් හෝ රජයට අලාභ වන ලෙස, රටේ මහජනතාවට අලාභ වන ලෙස, හොර හිතින් අරගෙන නැත ය කියා හැකි නම් කියන්න!

ජාතික ජන බලවේගය හා ජවිපෙ යන පක්ෂ දෙකේ ම නායකයා වන ජනාධිපතිවරයා පටන් මෙම පක්ෂ දෙකේ සියලු සාමාජියකයන්ට හා මෙම පක්ෂ දෙක වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාට ය මේ අභියෝගය ය.

ස්වභාවධර්මය එවිට සාධාරණ විනිශ්චය දෙනවා ඒකාන්ත ය.

“නත්ථි ලෝකේ රහෝ නාම”
” රහසක් නම් ලෝකයේ නැත” ය යනු තථාගත බුදුරදුන්ගේ දේශනාව ය.

Protected by Security by CleanTalk