Spread the News

රාජ්‍ය සේවකයෝ හොරකම් කරනවා… අහිංසක අපි බැනුම් අහනවා…-අමාත්‍ය ලාල්කාන්ත…

ආරියතිලක
2026.06.16

මේ වන විට දේශපාලනඥයින් සොරකම් නො කරන නමුත් රාජ්‍ය සේවකයින් තවමත් සොරකම් කරමින් සිටින බව, කේ. ඩී. ලාල්කාන්ත කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍යවරයා කියා සිටී.
මේ පිළිබඳව ඔහුගේ කීම, අතීතය සමඟ සැසදීමේ දී සාධරණ ද යන්න විමසීම වටී. මේ සමාජය සදාචාර විරෝධී කුණු ගඳ ගසන තැනකට පත් වීමට ප්‍රධාන වග කිව යුත්තෝ කවරහු ද?

වර්තමානයේ රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස සිදු නො වේ නම් එයට රාජ්‍ය නිලධාරීන්ට හොරු යැයි කියා අපහාස කිරීම රාජ්‍ය කරන මහත් ම ද්‍රෝහී කමක් බව ද කිව යුතු ය. රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක නො වන්නේ, අමාත්‍යවරුන්ගේ හා සමස්ත ආණ්ඩුවේ නො හැකියාව බව අපගේ අදහස ය. මෙපමණකින්වත් රාජ්‍ය සේවය ආරක්ෂා වී තිබෙන්නේ,රාජ්‍ය සේවයේ සිටින පරිනත නිලධාරීන් නිසාවෙනි. සමස්ත රාජ්‍ය සේවය අපහාස කිරීම නින්දා සහගත ය. මේ පිළිබඳ අපගේ අදහස පහත පරිදි ය.

1965.05.14 දින වෙසක් පුර පෝය දිනය ය. තථාගත් බුදුරදුන්ගේ තෙමඟුල සමරන දිනය ය. වෙසක් සිරියෙන් රට ම ඇළලී ගිය දිනයෙහි සම්බුදු දහමට ප්‍රතිපක්ෂව උච්ඡේදවාදය හෙවත් නාස්තික දුෂ්ටිය මූලික හරය කර ගත්, මාක්ස් ලෙනින්වාදී දේශපාලන පක්ෂයක් ගාල්ල අක්මීමන ග්‍රාමයේදී බිහි කිරීමට කටයතු සිදු විය. ඒ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය බිහි කිරීම ය. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය බිහිවීමෙන් ලංකේය ඉතිහාසයේ කවර කල්හිවත් නො වුණු ආකාරයෙන්, සදාචාරය, ආගමික සංහිදියාව, දෙමාපියන්ට කීකරු වීම, වැඩිහිටියන් කීකරු වීම, සිල්වත් කම, සම්බුද්ධ ශාසනයට පක්ෂපාතී බව, අන්‍ය ආගමිකයන්ගේ ඒ ඒ අගම්වලට පක්ෂපාතී බව, රාජ්‍ය නීතියට අධිකරණයට ගරු කිරීම, ගමේ ප්‍රදේශයේ, යහපත් සදාචාර සම්පන්න නායකත්වයට ගරු කිරීම, යහපත් වූ ප්‍රභූත්වයට ගරු කිරීම, රාජ්‍ය සම්පත් රැකිය යුතුයයි දැක්වූ පක්ෂපාතිත්වය, අන්‍යෝන්‍ය සමාජීය සමගිය යන යහපත් දෑ විනාශය, පිරිහීම වේගවත් වීමට අඩිතාලම වැටිණි. ඉහතින් දැක්වූ කිසිත් ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන්ට වැදගම්මක් නැති ලෙස, කොමියුනිස්ට්වාදයට හරවා ගැනීම සඳහා පංති සකස් කෙරෙණි. අධ්‍යාපන වැඩසටහන් සකස් කෙරෙණි. කොමියුනිස්ට්වාදය මූලික කර ගත දේශන මගින් ලංකීය ජන සමාජය විකෘති මානසිකත්වයට ඇද දැමිණි. සියලු ආගමික දර්ශන කොමියුනිස්ට්වාදය ප්‍රතික්ෂේප කරයි. එම ඉගැන්වීම් ලංකේය ජන සමාජයට ප්‍රසිද්ධියේ ද රහසිගතව ද සමාජ ගත කිරීම, ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කෙරෙණි.

ජවිපෙ විසින් තම සාමාජිකයන්ට කරන ලද, බරපතල මානසික අපරාධ අතර,

  1. රාජ්‍ය නීති කැඩීම වරදක් නැති බව,
  2. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නො කිරීම, තත් කාලයේ පවතින රජයේ නීති අණපනත්වලට ගරු නො කිරීම, විශේෂයෙන් තත් කාලයේ පැවැති දණ්ඩනීති සංග්‍රහයට, අපරාධ නීතියට ගරු නො කිරීම,
    1865 අංක 16 දරන පොලිස් ආඥා පනත,
    1916 අංක 33 දරන තුවක්කු ආඥා පනත,
    1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත,
    1966 අංක 18 දරන පීඩාකාරී ආයුධ පනත,
    1947 අංක 25 මහජන ආරක්ෂක ආඥා පනත,

අදී අණ පනත්වලට ගරු නො කිරීමට, ඒ පනත්වලින් පනවා ඇති නීති උල්ලංඝනය කිරීම කොමියුනිස්ට්වාදී දේශපාලනයට අත්‍යාවශ්‍ය සාධකයක් බව ඉගැන්වීම සිදු කෙරෙණි. ඒ මගින් ජවිපෙ සාමාජිකයන් විසින් රාජ්‍ය පැහැර ගැනීම සඳහා කරන මිනී මැරීම් හා ඔවුන්ට විරුද්ධ වූවන් මරා දැමීම, මනුෂ්‍යයින්ට තුවාල සිදු කිරීම, අඩම්තේට්ටම් කම් කිරීම, බියවැදීම, මංකොල්ලකෑම, රාජ්‍ය දේපොළ හා මහජන දේපොළ සොරකම් කිරීම, රාජ්‍ය දේපොළ, පුද්ගලික දේපොළ ගිනි තැබීම්, බලෙන් ගැනීම, රජයටය විරුද්ධව කැරළි ගැසීම කිසිදු වරදක් නැති බව තම සාමාජිකයන් අතරේ සාධාරණීය කරණය කළේ ය. එසේ ම එම වැරදි ඔවුහු කළහ. ඔවුන් විසින් කරන ලද නීතිමය වූ සියලු වැරදි වැරදි නො වේයැයි තම සාමාජිකයන්ට උගන්වන ලදී.

එපමණකින් නො නැවතී සමාජයට ඔවුහු කළේ වැරැද්දක් නො වේ යැයි, ඒ සියලු අපරාධ කළේ කළ යුත්තක් ලෙසින් සමාජයට ඒත්තු ගැන්වීමට ක්‍රියා කළහ. දැනටත් එසේ කරමින්, වංචනික ප්‍රකාශ කරමින් ඔවුහු දේශපාලනයෙහි නියෙලෙමින් සිටිති.

එහි කූඨප්‍රාප්තිය නම් 1971 ජවිපෙ රාජ්‍ය ද්‍රෝහී කැරැල්ලේදී මියගිය රාජද්‍රෝහීන් “ බක්මහ විරුවන්” ලෙසත් හා 1988/89/89 ජවිපෙ රාජද්‍රෝහී කැරැල්ලේදී මියගිය රාජද්‍රෝහීන් “ඉල්මහ විරුවන්” ලෙසත් සැමරුම් කිරීම ය.
මෙයින් ජවිපෙ කියා සිටින්නේ අප කළ සියලු අපරාධ වීර ක්‍රියා බව ය.

1965.05 14 දින සිට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසින් මේ රටේ සාදාචාරය හා නීති ගරුක සමාජය විනාශ කිරීමට කරන ලද බලපෑම සුළු පටු නො වේ.

බොරුව සමාජ ගත් කිරීමෙන් ජවිපෙ කප් ගසා ඇති බව පැහැදිලි ය. අන් අය හොරු ය, ජවිපෙ සාමාජිකයින් තමන් වංචනික නැති අය බව කීම ම බොරුවකි. වංචාවකි. ඒ බව ආණ්ඩුව ගත් පසු ජවිපෙ ප්‍රධාන කොට ගත් ජතික ජන බලවේගය පැහැදිලි ලෙස ජනතාවට ඔප්පු කොට හමාර බව ද නො කියා ම බැරි ය.

Protected by Security by CleanTalk