Supreme Court of Sri Lanka
Spread the News

ඒ අතර පහත සඳහන් සියළුදෙනාම වර්තමාන රජයේ මෙම තීරණයට එරෙහිව දැනටමත් අධිකරනයට ගොස් ඇත.

1.පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියළුම පක්ෂ

2, ශ්‍රී ලන්කා නීතිඥයින්ගේ සංගමය 

3 සියළුම වුර්තීය සමිති

4 රටේ වර්තමාන රජයේ සින්හල බෞද්ධ විරෝධී බහුතර ජනතාව

5.එක්සත් ජාතීන්ගේ මන්ඩලය ඇතුලු ජාත්‍යන්ත්‍ර සන්විධාන යන සියළු දෙනාම

6 මේ අතර ඔවුන්ගේම පක්ෂයේ මධ්‍යම විධායක සභිකයෙකු වන නීතීඥවරයෙකුවූ ලාල් විජේනායකද ඊට එරෙහිව ණඩුවක් ගොණුකර ඇති බව වාර්තාවෙයි.

මේ සම්භන්ධයෙන් දැනටමත් නඩු 30 ක් අධිකරණය හමුවේ ඇති අතර මේ සියළුදෙනාම උපරිමාධිකාර්ණයේ විනිසුරුවන් 13 දෙනාම මෙම ණඩුව විභාග කිරීමට සාභාගී වියයුතු බවට  මෝසමක් ද ගොනුකොට ඇති බව පැවසේ. 

6. මේ සියල්ලන්ටම වඩා

වසර 2500 ක් පුරා මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ  රජවරුන්ට, රාෂ්ඨ්‍රපාලනය පිළිබඳ අර්ථයෙන් ධර්මයෙන් අනුසාශනාකළ, එසේම මේ රටේත්, ජාතියේත් මුරදේවතාවන්වූ, මේ රටේ සාශනයේ අ වුරුදු 2500 කට වැඩි කාලයක් පුරාම භාරකරුවන් මෙන්ම ජාතියේ උත්තරීතර ආධ්‍යාත්මික නායක්යින්වූ, එසේම අදටත් මේ රටේ, ගමේ සිට  ජනාධිපතිවරයා දක්වා  සියළුදෙනාටම ඉහලින් සිටින, ආහුනෙයිය,පාහුනෙයිය දක්කිනෙයිය සහ අන්ජලිකරනීය වන, එසේම ජනතාවගේ මෙලොව මෙන්ම එලොව යහපත සඳහාත් උපදේශකයින් වන සමස්ථ ශ්‍රී ලාංකේය රාජ්‍යතන්ත්‍රයේම වසර 2500ක් පුරා උත්තරීතර නායක්යින් වූ ගරුතර සන්ඝ රත්නයේ නායකයින්වන අති ගරු ත්‍රයිනිකායික මහානායක හිමිවරුන් සියළු දෙනා වහන්සේද,

මෙම ව්‍යවස්ථා සන්ශෝධනයට විරෝධය ප්‍රකාශකොට ලිඛිථව සන්දේශයක් මගින් ජනාධිපති වරයාට යවා තියදීත්, ඒ කිසිවකට කන්නොදී එම විරෝධතා කිසිවක් පිළිනොගෙන, ජනාධිපතිවරයා ඒ සියල්ල  තම දේශපාලන පයේ ගෑවුන දූවිල්ලක් පමණවත් ගණන් නොගෙන 22 වන ව්‍යවස්ථා සන්ශෝධය මේ වනවිටත් මැති සබයට ඉදිරිපත් කොට ඇත. එසේ කිරීමෙන් මේ රජය සිදුකොට ඇත්තේ මහා දේශපාලන යක් දෙඹරයකට ගල් ගැසීමකැයි මම සිතමි.

මෙ අනුඅව වසර 2500 ඉතිහාශයේ පළමුවරට,සුදු අධිරාජ්‍යවාදීන් පවා පිළිගත් මේ රටේ භික්ෂුවගේ කාර්‍යභාරය  මොවුන් පිළි නොගනී. එසේම මේ රටේ ජාතිය නොහඳුනන, ආගම නොහඳුනන, රටේ ජීවය වූ සින්හල බෞද්ධ සන්ස්කෘතිය නොපිලිගන්නා පිරිසක් අතට රටේ පාලනබලය ලැබී ඇති බවනම් දැන් සක්සුදක්සේ පැහැදිළිය. මේ රටේ බුදුන් දෙවියන් නොඅදහන එසේම තම උපන් දෙශයේ භුගෝලය, ඉතිහාශය ආගම සංස්කෘතිය හා ශිෂ්ඨාචාරයේ පදනම පිළිබඳ නොදන්නා විවස්ථා නීති විසාරදයකුද නොවන රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිවරයා ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ආණ්ඩුක්‍රම විවස්ථාවේ දක්වා නොමැති බවද උද්ධච්චයෙන් ප්‍රකාශකොට ඇත.

 ඒ අනුව අගවිනිසුරු වරයාගෙන් ද එම මතයම ලැබෙන බවට ඔහුතුල දැඩි විස්වාශයක් ඇති බව ප්‍රකට වෙයි. ඒ වූකලී ඉතාම භයානක තත්වයකි. තවද, අධිකරණය ජනමත විචාරණයකට යායුතුයයි තීන්දුවක් දුන්නොත්”, යනුවෙන් ‘අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියාවකින්ම” උපහාසාත්මකව පැවසීමෙන් ඔහු අධිකරණය, ජනමත විචාරණයක් අවශ්‍යබව නොකියන බවට ඔහු තුල දැඩි විශ්වාසයක් තිබෙන බවද ප්‍රකාශ වී ඇත. එසේ කිරීමෙන් ඔහු සිදුකොට ඇත්තේ මේ රටේ උතුම් අධිකරණයටද  අපහාස කීරීමක් නොවේද?

එවැනි දැඩි විස්වාශයක් ඔහු තුල ඇතිවූයේ කෙසේද යන්න, අධිකරණයේ අපක්ෂපාතීත්වය කෙරෙහි ජනතාව තුළ පවතින විස්වාශයද සැකයට භාජන වන කරුණකි. අවුරුදු දෙකේ සේවා දිගුව තුලින් එවැනි තීන්දුවක් ලබාගැනීමේ එකඟතාවකට අගවිනිසුරු සමඟ මේ වනවිටත් පැමිණ තිබේදැයි ඕනෑම කෙනෙකුතුල මින් සැකයක් ඇතිවෙයි. එසේම සාධාරන උත්තරීතර අධිකරණටද සිදුකොට ඇති නින්දාවකි. එවවැනි ප්‍රකාශ තුලින් පොදු මහජනතාව තුළ සමස්ථ අධිකරණ ක්‍රියාදාමය පිලිබඳම සාධාරණ සැකයක්ද මෙහිදී මතුවෙයි.

අධිකරණය ජනමත විචාරණයක් අවශ්‍යයයි තීරණය කළහොත් එයටද සූදානම් බව ඔහු පැවසූයේ  එවැනි තීරණයක් ඉස්ථිරවම නොලැබෙන බවට ඔහු තුල දැඩි විස්වාශයක් ඇති බවද, ඔහුගේ මුහුනේ ඉරියව් වලින් පෙන්වමිනි.මෙය කල්තියාම බළලා මල්ලෙන් එළියට පැනීමක්ද විය හැක.

මේ රටේ භූගෝලය,ඉතිහාසය ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය පිළිබඳ මෙලෝ අවභෝධයක් හෝ ආදරයක් නැති, එසේම මේ රටේ මුල්බැස ඇති සම්ප්‍රදායික සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය නොපිළිගන්නා, ඒ සියල්ලටම වයිර කරණ, ඒ සමාජ හරයන්ට කිසිම ගෞරවයක් නැති, තම දෙශපාලන පක්ෂයේ සිංහල බෞද්ධ විරෝධී, ලෙනින්වාදී පිරිස්වල අන්තවාදි මතය ප්‍රකාර, පැලවත්ත න්‍යාය අනුව, මේ සින්හල බෞද්ධ රට පාලනය කිරීමට නොහැකි බව හෝ නොදැන, අත්තනෝමතිකව හිතුවක්කාරීව ක්‍රියාකිරිමේ සහ කථාකිරීමේ ප්‍රතිඵලය තව නොබෝ දිනකින්ම ඔවුන්ට ඇස්පනාපිටම දැකගත හැකි වණු ඇත.

මාලුවා නසින්නේ උගේ කට නිසා බව මේ ඇමතිවරයා  මෙන්ම සෙසු සියළුම මැති ඇමැති වරුන්ද හොඳින් සිහියේ තබා ගැනීම මැනවයි මම සිතමි. එසේම මෙවැනි වාචාල කථා නොකියනමෙන් තම ගෝල බාලයින්ට කඩිනමින් උපදෙස් දීම ජනාධිපති වරයාගේ පවා දේශපාලන සෞක්‍යට හොඳයයි මම සිතමි.

එසේම තම ගෝල බාලයින් ගෙනයන මේ සින්හල බෞද්ධ විරෝධී වැඩ පිලිවෙල නිසා අහම්බෙන් ලැබුණු දේශපාලන බලය කොයි මොහොතේ අනුර කුමාරගේ දෑතින් ගිලිහී යාවිදැයි කිව නොහැක. බලකාමයෙන් දෑසම අන්ධවූ මෝඩ කණ්ඩායමකගේ මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි කථා වාචාල බස් වශයෙන්ද සැළකිය නොහැක. එක් දවසක් වැරදීමකින් රා ටිකකක් බීපු මීයෙකු බළලෙකු ඉතින් මට, අසු උනහොතින් හනිකට,කඩා ඌ දෙකකට දමමි ඇදලා කහල ගොඩකට” කී කථාව මට මෙහිදී සිහියට නැගෙයි. එසේම අපි පාසැලේ 2 වන පන්තියේදී කියවූ දවසක් අහම්බෙන් නිල්බාල්දියකට වැටී සිව්පාවුන්ගේ රජා මෙන් හැසිරුණු සිගාලයෙකුට සිදුවූ අකරතැබ්බයද සිහියට එයි. 

1958දීබණ්ඩාරනායක අගමැතිවරයාගේ,බණ්ඩාරනායාක-චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව භිෂූන් වහන්සේලා කීපදෙනෙක් පමණක් රොස්මීඩ් පෙදෙසට පැමිණ සිදු කරණලද විරෝධය පිළිගෙන එම ගිවිසුම අහෝසි කළ සැටි මට මෙහිදී සිහියට එයි.  බණ්ඩාරනායක වැනි ලෝපතල කීර්තියක් තිබුණු රාජ්‍ය නායකයෙකුත් සිවුරට ගරුකරමින් තමා අතසන්කළ ගිවිසුම ඉරා දැම්මේ නම් අනූර දිසානායක ජනාධිපති වරයා, ගරුතර ත්‍රයිනිකායිය මහානායක හිමිවරුන් වහන්සේලා සියළලු දෙනාම විරුද්ධවි වී තිබියදීත්, එසේම ඊට තමන් වහන්සේලාගේ බලවත් විරෝධය ලිඛ්තව දන්වා තිබියදීත්, මේ සන්ශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමද, මේ රටේ 2500 වසරක ප්‍රබුද්ධ රජ්‍යපාලන සංස්කෘතියටද ඉඳුරාම පටහැනිය.

එසේම එවැනි තීරණවලින් මේ රටේ වසර දහස්ගානක් පැරණි ශිෂ්ඨාචාරයේ පදනම පුපුරුවා විනාශකොට හැරීමක් ද නිසැකයෙන්ම සිදුවී ඇත. ඒ වූ කළී මේ සින්හල බෞද්ධ ජාතියේ චිරස්ථිතියට අතිෂයින්ම හානිදායක සහ භයානක ක්‍රියාවකි.වසර 2500කටත් වැඩිකාලයක් මේ රටේ රාජ්‍ය ආගම, බුද්ධාගම වූ එසේම අදටත් අණ්ඩුක්‍රම විවස්ථාවෙන්ම ඒ බව ඉතා පැහැදිළිව කියා තිබියදීත්, මේ ජනාධිපතිවරයා එබඳු අසම්මත තීරණයක් ගත්තේ මොන පුරෝහිතයාගේ උපදෙස් මතදැයි මම නොදනිමි.පුරෝහිත උපදේශයක් නිසා හෝ තමාගේම පුද්ගලික තීරණයක් නිසා හෝ ඔහු ගත් ඒ තීරණය මේ රටේ වසර 2500ක සම්මත රාෂ්ඨ්‍රපාලන නීතියට නම් ඉඳුරාම පටහැනිය.එමනිසා ඔහු තව දුරටත් මේ සිංහල බෞද්ධ රටේ නායකත්වය දරා සිටීමට සුදුසුදැයි ඔහුම කන්ණාඩියක් ඉදිරියට ගොස් නුවනින් කල්පනාකොට බැලිය යුතුයයි මම සිතමි.

2024 නොවැ 14 පාර්ලිමේන්තු මැතිවරණය  මැතිවරණය පැවැත්වෙන විටත් ජනාධිපති වරයා එම පක්ෂයෙන් දිනා බලයේ සිටි නිසා අහම්බෙන් ලැබුණු 159 න් දෑස් අන්ධවී ක්‍රියාකිරීම නම් එතරම් නුවනට හුරු නොවෙන බවද රජය තේරුම් ගතයුතුය.

2024 ජනාධිපති කම අනුරට ලැබුනේ ප්‍රධාන  හේතු 2ක් නිසාය. පළමුව, රනිල් සහ සජිත් වෙනවෙනම තරඟ කිරීම නිසා එක්සත් ජාතික පක්ෂ චන්ද 37.75% සහ17.27% වශයෙන් සජිත් සහ රනිල් අතර බෙදුනු නිසාත්ය. එ. ජා. ප. යෙන් එක් අයෙක් ආවේනම්.  මේ 50.02 බොහෝවිට 52% හෝ 55% විමටත් ඉඩ තිබින. ඒ අනුව අනිවාර්‍යෙන්ම ජනාධිපතිවන්නේ එ.ආ. ප. අපේක්ෂකයාය. දෙවණුව අනුරට පලමු වටයේ 42.31% ලැබුණේ, ශ්‍රී ල. නි.පක්ෂය නාමල්,සිරිසේන,නිමල් සීරිපාලගේ කන්ඩායම වශයෙන් බෙදි කුලල්කාගත් නිසා, එම පක්ෂයේ චන්දදායකයින්ට යන්ට එන්ට තැනක් නැතිවීම  නිසා ඔවුන් සියල්ලගේම චන්ද අනුරට ලැබුණු නිසාය. තුන්වන කරුණ වනුයේ, සජිත්ට  පලමු මනාපය දුන් සියලු දෙනාම ඔවුන්ගේ 2 මනාපය රනිල්ට නොදි අනුරට දුන් නිසාය.මේ අනුව එක් අපේක්ෂකයෙකූ පමණක් එ.ජා ප ආවේනම් ඔහුට 50%+ අනිවාර්යෙන්ම ලැබෙන නිසා ජනාධිපති වන්නේ .එ.ජා.ප අපේක්ෂකයාය. ඔහුට ජනාධිපතිකම අහම්බෙන් ලැඹුණු බව මා කීවේ එමනිසාය.පාර්ලිමේන්තු චන්දය පැවැත් වූයේ  නොවැ නිසාත් විශේෂයෙන්ම ඒ වනවිට රටේ ජනධිපතිවරයා වූයේ අනුර  නිසාත්  චන්දය දිමට කෙනෙක් නැතිව අතරමන්ව සිටිසින්හල බෞද්ධ චන්ද මුලු ගොඩම මාලිමාවට ලැබින.

මාලිමාව තවත් උපායක් යෙදීය. එයනම් තමපක්ෂය ජේ.වි.පී.නොකියා ජා.ජ.බල වේගය වශයෙන් වෙනස්කිරීමය. මන්ද ජෙ.වී.පී.නමින් ආවේනම්, 1971 සහ 88-89 කාලයේ ඔවුන් රට සිදුකළ මිනීමැරුම්, භීෂනය සහ දේපල හානි නිසා ඒ නමට මීසුන් චන්දය නොදෙන බව දැනසිටි නිසාය.   මේ උපායද  විශිෂ්ඨ අන්දමින් ඔවුන්ගේ වාසියට හැරවුණු බව කිව යුතුය.

මෙම පසුබිමතුල ජනාධිපති කම සහ අනතුරුව ලැබුණු 159 න් දෑස් අන්ධවී ක්‍රියා නොකොට දැනට මේ සින්හල බෞද්ධ රටේ සැබෑ දේශපාලන සන්දර්භය තේරුම්ගෙන ක්‍රියා කිරිම වර්තමාන රජයේ සෞක්‍යට ඉතා හොඳ බවනම්  ඉඳුරාම ප්‍රකාශ කළහැක.

මේ වනවිට රට තුල 22 ක සන්ශෝධනයට  එරෙහිව මතුවී ඇති ජනතා විරෝධය අනුව අනිවා‍ර්යෙන්ම ජනමතත විචාරණයකට යා යුතුයි කියා තීන්දුවක් ලැබෙන බවනම් සිකුරුය. අද රටේ පවතින දේශපාලන වාතාවරණය අනුව ජනමත විචාරණයෙන් නම් රජය පරදින සම්භාවිතාවද ඉතා ඉහල.

 ඒ අනුව රටේ ආර්ථිකය අගාධයටම වැටී ඇති මේ අවස්ථාවේ ඒ සඳහා රුපියල් බිලියන 1500ක් පමණ නාස්තිකොට ජනතා අධිකරණය ඉදිරියේ ලබන අන්ත පරාජයෙන් 159 බලය අවසන්වනතුරු නොසිට දැන්වත් මේ තුල ඇති සැඟවුණු අරමුණු අනුව ඉදිරිපත්කළ  22 අකුළා ගෙන එම බිලියන 1500 ද ඉතිරිකරගෙන  පාර්ලිමේන්තුව තුළ බලයද රැකගනීම නුවනට හුරුයයි මම සිතමි.

 අනෙක් අතින් 22 සන්ශෝධනය යෝජනාවෙන් සියතින් බෙල්ල කාපාගැනීම වෙනුවට තම මැතිවරණ ප්‍රකාශයෙන් ජනතාවට පොරුන්දුවූ විධායක ජනාධිපති ක්‍රමය පළමුව අහෝසිකිරීම ප්‍රධානකොට ඇති මැතිවරණ පොරුන්දු ටික ඉටුකිරීමට පියවර ගැනීම රජයේ සීග්‍රයෙන් කඩා වැටෙන සෞක්‍යට හොඳ බව නම් අවසාන වශයෙන් කිවයුතුව ඇත.

2024 සැප්තැම්බර් 23 වැනි දින අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී සාම්ප්‍රදායික ජයමංගල ගාථා මෙන්ම ජාතික ගීයද ගායනා කිරීමක් සිදු කළේ නැත.දිවුරුම් දීමේ උත්සවයේ ස්වභාවය සරල බව කියමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු විය.ආටෝප වලින් තොර වීම, සාම්ප්‍රදායික දැවැන්ත උත්සව, හමුදා පෙළපාලි, මෙම අවස්ථාවට ඇතුළත් කර නොතිබුණි.එහි මූලික අරමුණ අනවශ්‍ය වියදම් හා උත්සව ආටෝපවලින් තොරව සරලව රාජකාරි ආරම්භකොට ජනතා ප්‍රශාදය දිනාගැනීම නව රජයේ අපේක්ෂාව බව  ප්‍රකාශවිය.

ජනාධිපති වරයා තනතුරේ දිවුරුම් දුන් අවස්ථාවේදිම ජය මංගල ගාථා ගායනා නොකෙරීම සහ ජාතිකගීය ගායනා නොකෙරීම ජාතික සම්ප්‍රදායට ඉන්ඳුරාම පටහැනි බැව් මේ රටේ මහානායක හිමිවරුන් ඇතුලු ගරුතර සන්ඝරත්නය හෝ පෙන්වා දී ජාතියේ වටිනා චාරිත්ත්‍ර වාරිත්‍ර පිළි නොපැදීම බරපතල වරදක් බව  පෙන්වා දුන්නේනම්,  ඇතැම්විට මෙවැනි අර්භුධයකට රජය මෙන්ම රටද මුහුණ නොපානු ඇතැයි මම සිතමි.

ජාතික සම්ප්‍රදායන් හා ආගමික චාරිත්‍රවලට ගරු නොකිරීම, මහා සංඝරත්නයේ විරෝධය නොසලකා හැරීම සහ සිංහල බෞද්ධ ජනතාවගේ ආගමික මෙන්ම සංස්කෘතික වටිනාකම් අවතක්සේරු කිරීම යනාදී විවිධ කරුණු දෙස බලන විට, ඕනෑම සාමාන්‍ය බුද්ධිමතෙකුට වටහාගත හැක්කේ මේ ගමන ‘ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය සහ යක්ෂාධිපත්‍යයේ (යක්ෂාපතන්ත්‍රවාදයේ) ආරම්භය’ සනිටුහන් කරන නව යුගයක සංකේතයක් බවයි. මෙය හුදෙක් සරල, අසම්මත ක්‍රියාවක් පමණක් නොව, රටේ සමස්ත දේශපාලන කඩාවැටීමට මෙන්ම ජාතික ඒකාබද්ධතාවයට එල්ල වී ඇති බරපතල අභියෝගයක් බව මින් මැනවින් පැහැදිලි වෙයි

ආචාර්‍ය සුදත් ගුණසේකර. මහනුවර   

Protected by Security by CleanTalk