සත්පුරුෂයනි !!! අද වෙසක් පුර පසොලොස්වක පෝය දිනයයි

Spread the News

සත්පුරුෂයනි !!!

අද වෙසක් පුර පසොලොස්වක පෝය දිනයයි මහබෝසතුන් මවූ කුසින් භිහිවීම, ලොවුතුරා බුද්ධත්වයට පත්වීම, පිරිනිවීම බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් පුරට වැඩවීම.යමහා මහා පෙරහැර පෑම, තුන්වෙනිවරට ලංකාවට වැඩමවීම,සිරිපා සටහන පිහිටවීම, ධර්මාශෝක රජුගේ නියමයෙන් දෙවෙනි පැතිස්ස රජු දෙවෙනිවරට අභිෂේක කිරීම, දුටුගැමුණු මහා රජතුමන් රුවන්වැලි සැ රජුන්ගේ වැඩ ආරම්භ කිරීම යන අසහාය කරුණු සිහිපත් කරන අතර හා ලොවුතුරා බුදුරජුන්ගේ අප්‍රමාණ ගුණ කදම්ම්බය සිහිපත් කොට ලෝක වාසි හා ලක් වාසි හා බෞද්ධ ජනතාව ආමිස ප්‍රති පත්ති පුජා පැවැත්වීම සිදුකරණ ඒ උතුම් දිනයයි අද මේ.

අද එවැනි උතුම් දිනයේදී එවන් පුජාවන් සිදු කරන ඔබහට ඉතා වැදගත් පණිවිඩයක් තබන්නෙමි. බුද්ධ සාසනයේ පැවැත්මට බරපත තර්ජන සිදුකරණ පිරිස් සිටන බවත් තෙමගුල සැමරීමට දහස් ගණන් රාජ්ජ්‍ය මට්ටම්මෙන් එක්වුවත්, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට එකතුවන්නේ අතේ තිබෙන ඇඟිලි ගානට පමණක් බව ඔබහට තරයේ පවසමි. වෙසක් කුඩු දහස් ගණනක් ඔබ පුජාවන් සඳහා නිර්මාණය කර පුජා සිදු කරනවිට. එම සියළු කුඩු කළුපාටින් නිර්මාණය කර සිංහල බෞද්ධ අපගේ බුදු හිමියන් උදෙසා කාලයක් ඔස්සේ පවත්වන පුජා විදික්ක්‍රම හැල්ලුවට ලක්කොට පන්සිල් රකින සමාජය හැල්ලුවට ලක්කරණ දේශපාලන සංස්කෘතික්ද දැන් භිහි වෙමින් පවති. සර්වාගමික පුට්ටු කාරයන්,නිරගමිකයන්, වමාසිකයන් , ට්‍රොක්සි වාදීන්, පැසිට් හා නාසි වාදීන් තවද අපාගාමී නිරගමිකයන් ද විවිධ පක්ෂ විපක්ෂ නායකයන් සියල්ලන්ම විවිධ ආගමිකයන්ගේ උගුල් වලට ඔවුන්ද හසුවී ඒ හරහා සිංහල බෞද්ධ අපව කොටු කරමින් සිටි. ඒ අතරම සිංහල බොදු අපගේ ආගමික අයිතිවාසිකම් ගැන බහින් බස් වන මොවුන් අනිකුත් ආගමිකයන්ට වචනයකුද නොකියන්නේ තමන් තුල තිබෙන බියගුළුකම හා වෙනත් ආගමිකයන් ආගමේ නාමයෙන් කරන දරුණු අපරාධ ගැන හොඳින් දැනගෙනය. පන්සිල් පද රකින සාමජය මොවුන් ප්‍රතික්ෂේප කරන අතර රහසේ මොවුන් දේශපාලන නියාය පත්‍ර සාදන්නේ අසිංහල අබෞද්ධ රාජ්‍යක් අප රට තුල ගොඩනැගීමට පස්පව් දස අකුසල් වලට කරගහන ජාතියක් මෙහි නිර්මාණය කරගැනීමටයි. ලෝකයේ කොයි ආගමිකයකු හෝ කබලින් ලිපට වැටි ජිවත් වුවද අපහට කම් නැත. නමුත් අපගේ දු දරුවන් සතර අපායෙන් බේරාගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි. ඒ සඳහා ඔබට නිතිය මඟින් වුවද අයිතිය ඇත. සුද්දා විසින් එදා ගම් නියගම් දහස් ගන්නන්ද, වතු පිටි හරකා බාන අඹු දරු සම්පත් සියල්ල ගිණි තබමින් කල විනාශය අපහට අමතක කල නොහැක, රටේ විවිධ ත්‍රස්ථ වාදින්ද අපහට එම අපරාධයම කළේය,මැරයෝද එයම කළේය. පක්ෂවලින් සකස් කරන විවිධ ප්‍රපංච වලට අසුවී නිකරුනේ අපාය සහගත වීමට මනුෂත්වය ලැබූ ඔබ පෙළබිම අපහටනම් කණගාටුය, පන්සිල් පද පහ ආරක්ෂා නොකිරීමේ ප්‍රතිපල ජාතියක් ලෙස අපි භුක්ති විඳිමින් සිටි. සිංහල බෞද්ධයන් මත සියළු පවිටු ක්‍රියා පටවමින් අපව ජාතිවාදීන් වශයෙන් හංවඩු ගසමින් සිටි. මේ හින්සිරුවේ මුට්ටිය දා බල්ලන්නේ හොඳකට නොවන බව ප්‍රකාශ කරමි. 2007 අන්‍යාගමික කොමිසම හමස් පෙට්ටියට දා ඇති බව කවුරුත් දැනගත යුතුය.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේත් සිංහල බෞද්ධයන්ගේ වසර දෙදහස් දෙසිය හැත්තෑවකට වැඩි කාලයක් පුරා මෙරට බෞද්ධ ජනතාවගේ අනුලංඝනිය උරුම හිමිකම වෙන තවද 1815 ඉංග්‍රීසි ගිවිසුමේ 5 වෙනි වගන්ති අනුව ,1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වගන්තිය ප‍්‍රධාන කොටගෙන ඉන් ඉදිරියට අද දක්වා රටේ බෞද්ධ ජනතාවගේ මූලික අයිතියක් වන 1978, 9 වෙනි ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට විධායකය, ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය ද රටේ සියලූ පුරවැසියන් ද බැඳී ඇත යන්න මාගේ විශ්වාසයයි.

ලක් වාසි හා ලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනයක් වේවා ! උතුම්වූ නිර්වාණය වහා වහා අවබෝධ වෙත්වා!
වචනයකින්වත් අකුසල් නොකරත්වා !
ඔබ සැමට බුදු සරණයි !!!

උතුම් සිහළ දේශයක අභිමානය නැවතත් ඇති කරමු !

“මනෝ පුබ්බංගමා ධම්මා – මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුටෙඨ න – භාසතී වා කාරොති වා
තතෝනං දුක්ඛ මනෙවති – චක්කංච වහතො පදං”

අකුසල් විපාකය ගවයා අනුව යන රිය සක මෙන්ද, කුසලානිශංසය තමා අත් නොහැර යන සෙවනැල්ල මෙන්ද ගමන් කරනු ඇත.

දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2022-05-15