Spread the News

ජනධිපති තුමනි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති තුමනි බලන්නකෝ යෝ- වහා තැපෑලෙනුත් අපේ ගෙදරට හොරෙන් ආවා

දැන් දැන් ආගමික කුමන්ත්‍රණ කරුවන් නැවතත් තම දෙවියන්ව තැපෑලේ ඔබා නිවසටම තැපැල් කරන්න උත්සහයක් සහ බුදුහම හා සිංහල කම සුරකින අප වැනි අයට යෝ -වහා (යෝ නම් -”පල කියාද” ”වහා නම් වස” කියාද කිවිය හැක ” හරි අර්ථය අපි නොදනී. ඒවගේම අපි නොදන්නා මේ යෝ-වහා භයානක නොපෙනන කෙනෙකු විය හැක )

දෙබසේ ආරම්භය ;

ගෙදරට ආ යෝ- වහා මට කියූ දේ !

තැපෑලෙන් එළිය ආ යෝ-වහා :-
අනේ පාලිත මම ඔයාගේ  ගෙදරට එනකම්  හුස්ම ගන්න බැරිව හිටියේ , ඔයා කියන්නේ. මේ මාව තැපැල් පතක් හා අකුරු මිටියක් කෙරු ‘බාස් වීරසිංහ ‘ කියන මනුස්සයා මහා අමාරු කාරයෙක්, පේරාදෙණියෙන් මිනිහා මාව දැම්ම අඳුරු පෙට්ටියකට, මම කැ ගැහුවා මේ වගේ අපරාධ මට කරන්න එපා කියල.  ඒ මදිවට කවුදෝ ‘ දෙතුන් පාරක් ‘ යකඩයකින් මුද්‍රණ තැබුවා, ඒ යකඩ පාරට මගේ ස්වරුපයත් වෙනස් උනා . ඉතින් ඊට පස්සේ ගොනියක වැටිලා තැම්ඹි තැම්බි තාම හිටියේ . හරිම අමාරුයි !ඔබතුම එළියට ගත්තේ නැත්නම් මාර කරුමයක් වෙන්නේ.

ඉතින් පාලිත මහත්මයා , අනේ මට සමාවෙන්න අප්‍රිය සහගත පුද්ගලයෙක් හෝ අප්‍රිය සහගත දෙයක් ආගමික වශයෙන් හෝ අපට වඩා සදාචාර සම්පන්න වූ නිති පන්සිල් රකින ඔබතුමාගේ නිවසට පැමිණීම හා ඔබතුමාගේ දින චරියාව අහලා මට ලැජ්ජා හිතුනා. ඔබතුමා හරිම කරුණාවන්තයි. මාව ‘කුණු ගොඩට විසික් කරන්නේ නැතුව. ‘ආගන්තුක සත්කාර කරලා ‘ තැපැල් පතේ ‘බාස්ගේ ‘ අකුරුවලින් බන්ධනය කරලා හිර කරලා තිබ්බ මාව ‘පිරිත් පැන් ඉහලා ඒ ආනුභාව සම්පන්න භාවයෙන් මුදවාගෙන තාමත් මට සලකනවා.

ඉතින් පාලිත මහත්මයා මේ  ‘බාස් ‘ මට සැලකුවේ අන්තිම කැත විදිහට , මාව බාස්ගේ  මන්ත්‍රණ අකුරුවල ලියලා .දෙකට නමලා පොඩි කරලා දාලා, මිනිහා ඔයාගේ ලිපිනය, හොරෙන් හොයාගෙන’ ‘මම කියුවා ‘රටක පොලිසියවත් ‘ නිකරුනේ මිනිසුන්ගේ ලිපින හොයන්නේ නැහැ. තොරතුරු රැස්කරන්නේ නැහැ. කාගේ හෝ පෞද්ගලික භාවයකට හානියක් නිසා. මේ ‘බාස්ගේ ‘ මෝඩකම් නිසා ඉදිරියේදී මටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහිල්ලා නඩු හබ වලට පැටලිලා නිකන් හිරේ විලංගුවේ වැටෙන්නේ වෙනවා කියා. මම මිනිහට කියුවා දහා සැරයකට වඩා ‘ මම මෙහේ ‘ ධර්ම දීපයේ ‘ ඉන්නේ හොරෙන් අපු දවසේ ඉඳල ‘ එකට විශේෂ හේතුව ‘ මේ ලංකාවේ සිංහල බොදු මිනිස්සු ‘ මම පාරේ යනකොටත් ‘ මට සලකන්නේ තමන්ගේම මිනිසෙකුට වගේ. ‘ ඔය බාස් විරසින්හටත් ‘ එහෙමයි . නමුත් මිනිහට කෙළේ ගුණ නැහැ කියලා මම දැනගත්තා . ‘ මාව දෙකට නමලා දානකොටම මම කියුවා ‘ පාලිත ගේ ගෙදරට ගිහිල්ලා ඔහුටත් කොරෝනා බෝ වුනොත් නරකයි නේද කියා. කෝ මේ වීරසිංහ බාස් ‘ අහුවේම නැහැ ‘ මට කිවා ‘ මේ යෝ වහා ….තමුසේ කටවහගෙන ඉන්නවා ‘ මම ඕක ලියුමේ ලියලා තියෙන්නේ ‘ මට එන්න බැහැ ‘ තමුසෙව යවන්නේ එකයි. බලනවකො තමුසෙට ඊයේ යදිනකොට ඇහුවා, කොහොමද ඔය කියන ‘ පාලිතගේ ලිපිනය හොයාගන්නේ කියලා , නමුත් මම පහුවදා හොයාගත්තා දුරකථන නාමාවලියෙන්. ඉතින් දැන් ‘උඹ ‘ මම කියන විදිහට වැඩකරපන් කියා. මිනිහා’ ඉස්සර හොඳ මනුස්සයෙක් දැන් අපි කියන එකවත් අහන්නේ නැහැ. මිනිස්සු බිලි බාන එක තම දැන් රක්ෂාව. ‘ අපිත් ඔය විදිහට කලේ නැහැ පාලිත මහත්තයා මට සමාවෙන්න . මගේ වැරැද්ද ‘ මම නේ මේ මිනිසුන් මගේ ආගමට හරවන වැඩේ පටන් ගත්තේ.

කතෘ වන මම:
අනේ යෝ-වහා – ඔය කියන මිනිස්සු හරිම කාලකන්නි. ඕකුන් දන්නේ නැහැ . අපේ හත් මුතු පරම් පරාවම පස් පවු නොකරණ ජාතියක් කියලා , ඕනෑම ආගමක පස් පවු දස අකුසල් තියෙනවනම් ‘ එවැනි ආගම් ප්‍රතික්ශේප කරන්න අපේ මුතුන් මිත්තෝ කියා දී තියෙන්නේ. පන්සලක උනත් ඔවා වෙනවානම් අපි ඒ පන්සල පැත්තෙවත් යන්නේ නැහැ. ඊට ප්‍රධාන හේතුව. ‘බාලයන් ඇසුරු කිරීමෙන් ‘ අපිත් ටික කලකින් ඒ බාල වැඩ හොඳයි කියලා හිතනවා.ඒ වගේම බලයන්ගේ වැඩ නිසා අපි ඒවා කිරීම නිසා සසරද දික්කරගන්නවා.බලන්න යෝ වහා ඔය තාම දුක් විඳිනවා ‘ ඉස්සර ඔබතුමා කඩුව අමෝරාගෙන දුවගෙන එන්නේ අද හොඳටම අසරණවෙලා අද තැපැල් පතක් අස්සේ ඉඳලා එලියට ආවේ. හොඳ වෙලාවට ‘ඊයේ පහන ගාව තිබ්බ පිරිත් වතුර බිව්ව හින්ද ‘ අද ඔබතුමා ඔය විදිහට කතා කරනවා. තමන් ළඟ තියෙන අඩු පාඩු හදාගන්න බලනවා. ‘ නමුත් අර මමවත් නොදන්නා බාස් වීර සිංහයා’ තාම අනුන්ගේ ගෙවල්වලට ඔබතුමාව දෙකට නමලා අරිනවා. මම හිතන්නේ ‘ යෝ- වහා . ඔබතුමා  ඒ කලකන්නියාට වැඩිය ටිකක් හොඳ ඇති. එකයි ඔබතුමා මගෙන් සමාව ගත්තේ.

තැපෑලෙන් එළිය ආ යෝ-වහා :-

ඔවු පාලිත මහත්තයා මමත් 2060 වෙනකොට වගේ මේ ආගමික කුමන්ත්‍රණය නවත්වනවා ලෝකයෙන්ම අතුරු දහන්වෙනවා. දැන් දැන් එන්න එන්න ලෙඩ රෝග දුර්භික්ෂ වැඩයි. ‘ මිනිස්සු අහන ප්‍රශ්නවලට අපිත් හොල්මන් වෙනවා’ මිනිසුන් තම තමන්ගේ දියුණුවේ හා තම තමාගේ ලෝකෝත්තර දියුණුව සොයන විට ‘ බුදු හාමුදුරුවෝ කියූ මග යන්න පටන් ගන්නවා’ බටහිර රටවලත් මේ ප්‍රවණතාවය එන්න එන්නම වැඩි වෙනවා. අපේ නායකයෝ ඔක්කොම ‘ අන්ධ මන්ධ වෙලා ඉන්නේ. මමත් හිතුනොත් සසර අතහරිනවා ‘ හරිම මහන්සියි මට ‘ කෝ මේ විරසින්හයා අහුවේම නැහැ නේ ‘ මාව මිනිහගේ මිනිස් මන්ත්‍ර වලින් බැඳ දාලා එව්වනේ ඔබතුමාට දෙවියන් වහන්සේ ගැන කියන්න ‘ යෝ වහා වන මමත් එක්ක සෙට් (එකතු ) කරගන්න , වෙන්න කියල.

කතෘ වන මම:

හරි හරි යෝ-වහා ඕනෑම මිනිසෙකුට  හෝ දෙවියෙකුට නිවරදි දේ දකින්න අපිට මේ සිංහල බොදු අපට උදවු කරන්න පුළුවන්, අද වෙනකොට බොදු අපි හිතන්නේ මරණින් ගැලවෙන්න නොවේ. මේ කොරනා උවදුර හමුවේත් අපි හිතන්නේ ‘ වහා වහා කුසල් වන්න’ සසර ගැන අනිත්‍ය මෙනෙහි කරන්න. ඔය ‘බාස් වගේ ආගමික කුමන්ත්‍රණ කරන්න නොවේ. යෝ වහා දන්නවද නො. 19/2003 ශෙ‍්‍රෂ්ඨාධිකරණය තීරණය. එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව. ‘මේ ගොන් බාස් ගෝන්  තඩියෙක් මිනිහා  නිතිය නොදැන කටයුතු කරන්නේ. යෝ- වහා ඔයාගේ ඊළඟ දේව රැස්වීමේදී මේ බව කියන්න. නිකන් නඩු හබ වලට පැටලෙන්නේ නැතුව ඉන්න කියන්න. රැවටීමෙන්, වංචාවෙන්, ප්‍රයෝගයෙන්, ‘ හරියට යෝ -වහා  ඔයා  අද ලියුමක් අස්සෙන් අපේ වැට මායිම පැනලා අපෙන් අහන්නේ නැතුව තැපැල් ස්ථානාධිපතුමගේ අන පනත්ද කඩලා අපේ ගෙදරට අපු විදිහට ‘ හෝ කෙනෙකුගේ මුලික අයිතය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධියි. ඒවගේම යෝ- වහා  දුගී දුප්පත් කම, විරැකියාව,ලෙඩ රෝග, අධ්‍යාපනික හෝ වෙනත් දුර්වල තාවයන් හෝ දඩ මීමා කරගෙන කෙනෙක් වෙනත් ආගමකට හැරවීමෙන් ඔහුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනයට සහ හෘදය සාක්ෂියට ඊටත් වඩා බලපෑම් සිදු කිරීම. කවර ක්‍රමයකින් හෝ බෞද්ධයන් ක්‍රිස්තියානියට හැරවීම තුළින් බුද්ධ ශාසනයේ පැවැත්මට විශාල තර්ජනයක් ඇති කිරීම නීති විරෝධියි.

ඉතින් යෝ වහා ඔයා මේ රටෙන් පිටවෙන්න  අපිට අපේ ගමේ හාමුදුරුවෝ ඉන්නවා , අතීත මහා සටන් හා දුර්භික්ෂ ඇති කාලයන් තුලදී ‘ උන්වහන්සේලා අපිව සැම කරදරයකින්ම බෙරා  ගත්තා ‘ ඒවගේම පස් පවු දස අකුසල් වලින් අපිව බේරාගත්තා. බලන්න අදත් ඔයාව බේරාගත්තේ ‘අපේ දහම් පාසලෙනුයි හාමුදුරුවන්ගේ ඉගෙන ගත්ත බුදු දහම නිසයි. ඒ වගේම අපේ දෙමාපියන් අපි කුඩා කාලයේ ඉඳල කියලා දෙනවා ‘ පස් පව් හා දස අකුසල් නොකරන්න ඔයා දන්වද ඒවා…ඒ කියන්නේ…

ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම,බොරුකීම සහ මදයට හා ප්‍රමාදයට හේතුවන මත්වතුර මත්ද්‍රව්‍ය භාවිතය. දස අකුසල් නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, කේළාම් කීම,පරුෂ වචන කීම, හිස්වචන කථා කිරීම, අවිද්‍යාව නම් වූ විෂම වූ ලෝභය, ව්‍යාපාදය නම් වූ තරහව සහ මිථ්‍යාදෘෂ්ටියයි.

අනේ යෝ වහා ‘රහසින් හෝ ඔබතුමා මේවා කරනවානම් ”පස්පව් සහ දස අකුසලවලින් මුළුමනින්ම බැහැර කරන්න ‘ දස අකුසල්වල අවසාන කරුණු තුන වන්නේ විෂම වූ ලෝභයත්, තරහව සහ මිථ්‍යා දෘෂ්ඨිය හෙවත් වැරැදි දැක්මයි. ඉතින් යෝ – වහා ගමේ පන්සලයි මේ රටේ තිබෙන  බුද්ධ ශාසනයයි එක්ක තරහෙන් ඉන්න එපා ‘ අපිව හරවන්න බලන්න එපා ඒ ඇයි කිවහොත් තරහව ක්ලේශයක්  ඒවගේම අකුසලයක් . බුද්ධ ශාසනයයි එක්ක තමන්ගේ පිල අඩුයි කියා ඔය කට්ටිය තරහෙන් හිටියාම (වුනාම ) ඉබේම යෝ -වහා විෂම වූ ලෝභය ඇතිවෙලා අන් සතු වස්තුව කෙරේ පවා තෘෂ්ණාවක් ඇතිකරගැන්වා එය ක්ලේශයක් වෙනවා එය අකුශලයක්ද වෙනවා.

යෝ – වහා  ඔයා  දන්නවද ? ඉහත කි පස් පවු හා දස අකුසල් යන ඒවා  බලවත් අකුශල බවට පත්වන්නේ වචනයෙන් සහ ක්‍රියාවෙන් සම්බන්ධ වන විටය. බලන්න ඔයාව දෙකට නමල , ඔයා  ගැන සමහර ලියුම්වල  අච්චු ගහලා , තැපැල් නීතිත් කඩලා ‘ මම හීනෙකින්වත් දන්නේ නැති ‘ බාස් වීරසිංහ ‘ අපේ ගෙදරට ඔයාව එවපු හැටි. ඔහු වචනයෙන් , ක්‍රියාවෙන්, සිතින් යන තුන් දොරින්ම ඒ ක්‍රියාව කළා.

ඉතින් යෝ- වහා… ඔබ ගුණබර කෙනෙක් නම් සත්පුරුෂ මනුෂ්‍යයෙක් නම් ඔබගේ සිතට මම කියන දෙය හොඳින් වැටහේවි අද , එය මැනවින් ඔබට දැනේවි. විශ්ව ජගත්දිශ්වර අප තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ දහම් පද කීපයකින් මම ඔබත් එක්ක අද කරණ සංවාදය නවතමි.

”මධූවා මඤ්ඤතී බාලෝ
යාව පාපං න පච්චති
යදාච පච්චතී පාපං
අථ බාලෝ දුක්ඛං නිගච්ඡති”

“අඥාන තැනැත්තා පාපය විපාක දෙන තෙක් එය මිහිරි කොට සිතයි. යම් දිනෙක පාපය විපාක දේද එදිනට අඥාන තැනැත්තා බලවත් වූ දුකට පැමිණෙයි”

“අකුසලං භික්ඛවේ පජහථ සක්කා භික්ඛවේ අකුසලං පජහිතුං, නෝචෙ සක්කා අභවිස්ස අකුසලං පජහිතුං අහං ඒවං න වදාමි අකුසලං පජහථාති” අකුසල අත්හරින්න. යම්විදියකින් අකුසල් අත්හරින්නට නොහැකිවන්නේ නම්, මම අකුසල අත්හරින්නැයි නොකියමි. අකුසල් අත්හරින්නට පුළුවන් නිසාම අකුසල් අත්හරින්නැයි කියමි. එසේම අකුසල් අත්හැරීමෙන් ඔවුන්ට අයහපතක් වේ නම්, එවිටද මම අකුසල් අත්හරින්නැයි නොකියමි.

පුහුදුන් සිතේ පාපි සිතිවිලි පහළවීම ස්වභාවික ය. එනමුත් ඒවා පාලනය කරගෙන ප්‍රහාණය පිණිසම උත්සාහ ගැනීම තමාටම සැප පිණිස ය. තුණුරුවන් සරණයි.!!!

තැපෑලෙන් එළිය ආ යෝ-වහා :-
ඔබතුමාට ධර්මය ගැන පහදා දීම නිසා බොහෝ පින්. එත් එක්කම ‘ මේ රටේ සිටින ආගමික ගැට විරසින් – හලා – ගෙන්  මගේ ජීවිතය බෙරා දීම හා මාව මේ ධර්ම දීපය හොර රහසේ විකුණන් කන මිනිසුන් හා මට ධර්මය මෙතුවක් නොකියා දුන් ‘ ආගමික කුඨ ගැටයන් ගැන වටහා දීම පිලිබඳ ඔබතුමාට කෘතඥ වෙමි. ඔබතුමා බොහෝ කල් වැජබේවා !!!

යෝ-වහා  අතුරු දහන් වුනෙමු !.. දෙබස නිමි.

සියළුම අගමිකයන්ගෙන් ඉල්ලීමක් ”හැබෑවටම මෙම පස්පව් සහ දස අකුසලයන්ගෙන් බැහැර වූ සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහොමයක්ද අප රටේ සිටිති. එවැනි සත්පුරුෂ මනුෂ්‍යයෝ ගුණයන්ගෙන් හිස් මිනිසුන් මෙන් ඝෝෂා නොකරති. බාහිර ආටෝපයට කැමැති නොවෙති. මා ’සිල්වතා’ යැයි ව්‍යංගයෙන් හෝ කියාපාන්නට උත්සාහ නොගනියි. එබැවින් එවැනි උතුම් පුද්ගලයන් වෙත අධර්මයේ කරුණු තැපැලකින් හෝ එවන්න එපා. එය නීති විරෝධිද වේ !

ජනධිපතිතුමනි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති තුමනි  මෙවැනි කුමන්ත්‍රණ වලින් අපිව බේරාදෙන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි !

පින්තුරයේ දැක්වෙන්න මාහට තැපල් කල ලිපියේ කොටසක් කිහිපයක් ඊටඅමුණා මුද්‍රණය කරණ ලද ලිපි පෙළක්ද එවා තිබුණි.

දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න
සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට
2020-11-05

අලුත්ම ලිපියට පිළිතුරැ පිළිතුර මෙතනින් බලන්න

https://wordpress.com/post/cdnews24link.wordpress.com/7932