මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි….
ආරියතිලක
2026.05.12
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අදාළ විමර්ශන නිලධාරීන් වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අද පෙරවරුවේ පිටව ගොස් තිබෙන බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබෙ.
මැයි 18 දින මානුෂීය මැහෙයුම් යුධ ජයග්‍රහණය සැමරුම් දිනයට ප්‍රථම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා නම් ඒකාන්ත කොට ඩයස්පෝරාව මසල වඩේ කකා පාටි දානවා නියතයි. යටි කූට්ටු පිඹුරුපත හෝදාපාලු වීම ඩයස්පෝරාවේ අරමුදල්වලට කෙළ හලන කොමියුනිස්ට්වාදීන්ට නම් මෙය මරු පහරක්. හිතට අමාරු ඇති! සමහර විට කොමියුනිස්ට් ඇත්තන් හා බෙදුම්වාදී ඩයස්පෝරාව අතර මේ ගැන පූර්ව සැළසුමක් නො තිබිණැ යි නො සිතිය හැක. ඩයස්පෝරාවේ සිතැඟි සැපිරීමට බැරි වීම සහෝදර කොමිනිස්ට්වාදීන්ට මහත් හිතට වදයක් හා ලැජ්ජාවක් ඇති. හිරු නො බසින අධිරාජ්‍යයා විසින් ලංකාව පාලනයට ගෙන, සම්බුදු දහම අමතක කොට ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ සෙන්ට් පෝල් පල්ලිය ඉදිකරන ලදී. දැන් කොහොම ද ඉරු නො බසින අධිරාජයාට? දැන් ඉරු නො බසින අධිරාජයාට ඉර පායන්නේ මාළිගාවේ පිළිකන්නට ය. කරුමෙක මහත රටවල් ගැලවී වැටුණි. දැන් ඉර පායන්නේ පිළිකන්නට ය. ලංකාව ඇල්ලීමෙන් අධිරාජයෙකුට වූ විපත! ඒ ලෙසට ම 1989.02.08 දින කොමියුනිස්ට්වාදී ත්රස්තවාදීන් විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පහර දෙන ලදී. 1998.01.25 දින බෙදුම්වාදී කොටි ත්රස්තවාදීන් විසින් ශ්‍රී දළදා මාළිගාවට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම ප්‍රහාර දෙකට ම සම්බන්ධ වූ මතවාදීන් එකට එක් වී ඇති සෙයකි. ඔවුන් දෙගොල්ලන්ගේ ම ඉලක්කය එකක් ම ය. ඒ ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍ය බලයට පහර දීම ය. බෞද්ධ රාජ්‍ය බලය දිය කර හැරීම ය. බෞද්ධ රාජ්‍ය බලය කඩා ඉහිරවීම ය. හොරු ඇල්ලීම එකකි. බෞද්ධ රාජ්‍ය බලය මෙහෙයවන බෞද්ධ කුලය විනාශ කිරීම තවෙකකි. බෞද්ධ වුවත් අබෞද්ධ වුවත් හොරු ඇල්ලිය යුතු ය. එය සාධාරණ නීතියේ රාමුව ඇතුලත ක්‍රියා කොට ය.
ලංකා භූමියේ බෞද්ධ රාජ්‍ය බලය තිබෙන තාක් භික්ෂු සංඝයා හා ගිහි බෞද්ධ කුල පදනම පැවැතීම සිදු වේ. ඒ හේතුවෙන් ම ලංකා භූමිය බෙදුම් වාදීන්ට උවමනා ලෙසය බෙදා වෙන් කිරීම හෝ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනයේ අවිච්ඡින්න පැවැත්ම හේතුවෙන් පවතින භික්ෂු සංඝයා හා ගිහි බෞද්ධ කුල පදනම පවතිනා තාක් කල්, මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පාලනයක් ලංකා භූමියේ ඇති කිරීම කිසිදා නො කළ හැකි ය. මේ දෙගොල්ලන්ට ම ඇත්තේ එක ම පොදු සතුරෙකි. එනම්, ලංකා භූමියේ බෞද්ධ රාජ්‍ය බලයේ පාදම වන භික්ෂු සංඝයා වහන්සේලා සහ බෞද්ධ කුල පදනම ය. මේ පොදු සතුරා කෙසේ හෝ මර්දනය කිරීමට නම් බෞද්ධ කුල ජන නායකයන් විනාශ කිරීම අත්‍යවශ්‍යය සාධකයකි. නමුත් කර්යය වැරදී අති සැටියකි. එසේ ම ඉදිරියේ වැරදී ම ද එකාන්ත ය. එයට හේතුව භික්ෂු සංඝයා වහන්සේලාගේ හා ගිහි බෞද්ධ කුලවතුන්ගේ ශාස්තෘ වහන්සේ, සම්මා සම්බුදු රජාණන්වහන්සේ වන්නාහ. ලංකා භූමිය කොමියුනිස්ට්වාදී පාලනයකට හිමිකම් නැති බව ඉදිරි කාලයේ ස්වභාව ධර්මය විසින් ම මැනවින් ඔප්පු කර පෙන්නා දෙනු ඇත්තේ ය. කොමියුනිස්ට්වාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ එක් වීම් බිඳ වැටිම ද වැඩි ඇතක නො වනු ඇත.
ස්වභාව ධර්මය තරම් නඩු විසදීමට සමත් අනෙකෙක් නැත්තේ ය.
